ශ්‍රී ලංකාවෙන් අලුත් ක්‍රිකට් සංචිතයක්..නව කණ්ඩායම මෙන්න..ලංකාවත් අර්ධ අවසන් පූර්ව වටයට..

Cricket Sri Lanka Cricket Asian Games 2023
By Aruna Sep 18, 2023 04:22 AM GMT
Aruna

Aruna

Report

එළඹෙන 24වන දින චීනයේදී ආරම්භ වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරගාවලිය සඳහා විජයකාන්ත් වියස්කාන්ත්, ශෙවෝන් ඩැනියෙල්, අශේන් බණ්ඩාර, ලසිත් කෲස්පුල්ලේ වැනි නවක ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත සංචිතයක් නම් කොට තිබෙනවා.

අදාළ සංචිතය ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිළ වශයෙන් නිවේදනය කොට තිබේ.

ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ඍජුව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන ඇති අතර අනෙක් කණ්ඩායම් 4 පළමු වටයේදී දක්වන දක්ෂතා මත තෝරා ගැනෙනු ඇත.

පළමු වටයේදී කණ්ඩායම් 11ක් කාණ්ඩ 4ක් යටතේ තරග වැදීමට නියමිත බවයි පැවසෙන්නේ. තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ඔක්තෝබර් මස 4 වන දින පැවත්වීට නියමිතයි.

මෙම ශ්‍රී ලංකා කණ්ඩායෙම් ප්‍රධාන පුහුණුකාරීත්වය අවිශ්ක ගුණවර්ධනට පවරා ඇති අතර, උපුල් චන්දන සහ සජීව වීරකෝන් සහාය පුහුණුකරුවන් වශයෙන් නම් කොට ඇත.

කණ්ඩායම් කළමණාකරු වශයෙන් විනෝදන් ජෝන් කටයුතු කරති නම් කොට ඇති ශ්‍රී ලංකා සංචිතය - නුවන් තුෂාර, අශේන් බණ්ඩාර, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, ශෙවෝන් ඩැනියෙල්, සහන් ආරච්චිගේ, සචිත ජයතිලක, රවිඳු ප්‍රනාන්දු, අහන් සංචිත, ලහිරු උදාර, විජයකාන්ත් වියස්කාන්ත්, මිනොන් ලියනාරච්චි, ඉෂිත විජේසුන්දර, ලහිරු සමරකෝන්, නිමේෂ් විමුක්ති ආසියානු ක්‍රීඩා උළෙල සඳහා චතුරංග රණසිංහ ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් පෙරේදා (16 වැනිදා) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව විය.

ඔවුන් සමග රෙෂිකා උඩුගම්පොළ ද සහභාගී වී ඇති අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා මොවුන් ක්‍රීඩා උළෙල පැවැත්වෙන චීනයේ හංසෝ බලා පිටත්ව ගියහ.

ක්‍රීඩා උළෙල ලබන 23 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර ඔක්තෝබර් 8 දක්වා තරගාවලිය පැවැත්වේ.

අවසන් සටනට ඔන්න මෙන්න තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක්..

අවසන් සටනට ඔන්න මෙන්න තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක්..


ReeCha