තාමත් විසදුණේ නැති නඩු මිලියනකට වඩා අධිකරණ වල
ශ්‍රී ලංකාවේ අධිකරණවල නඩු මිලියන 1.1 කට වඩා ගොඩගැසී ඇති බව වාර්තා විය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් නිකුත්කොට ඇති වාර්තාවකින් පෙන්නුම් කරන්නේ 2025 ජුනි 30 වන දින වන විට, රට පුරා පිහිටි අධිකරණ 293 ක මුළු නඩු 1,134,474 ක් නොවිසඳී ඇති බව සදහන් වේ මහේස්ත්‍රාත් අධිකරණ විශාලතම කොටස වන අතර, නඩු 818,869 ක් විභාග වෙමින් පවතී.
දිස්ත්‍රික් අධිකරණවල විසඳීමට බලා සිටින නඩු 260,007 ක් ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ 5,396 ක් ඇත.
අභියාචනාධිකරණය නඩු 5,216 ක්, සිවිල් අභියාචනා මහාධිකරණයේ 6,591 ක් සහ වාණිජ මහාධිකරණයේ 6,330 ක් ලැයිස්තුගත කර ඇත.
මහාධිකරණයේ (අපරාධ) නඩු 27,376 ක් විභාග වෙමින් පවතී. ළමා මහේස්ත්‍රාත් අධිකරණ නඩු 1,556 ක් සහ කම්කරු විනිශ්චය සභා නඩු 3,131 ක් වාර්තා කරයි.
අධිකරණ අපහාස නඩු 65 ක් විසඳීමට නියමිතව ඇති බව ද වාර්තාවේ සඳහන් වේ.