යුද්ධෙන් ලංකාවට හිතපු නැති විදිහේ ප්‍රශ්ණයක් - ලාංකිකයන් පීඩාවට

Report

මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් එම රටවලට මෙරට තැඹිලි අපනයනය නතර වී ඇතැයි අපනයනකරුවෝ පවසයි. සතියකට තැඹිලි ගෙඩි 320,000 ක් පමණ මෙරටින් ඩුබායි වෙළෙඳ කේන්ද්‍රස්ථානය හරහා සෞදි, ඕමාන් ඇතුළු මැදපෙරදිග රටවලට අපනයනය වී ඇත.

මැදපෙරදිග රටවල මෙරට තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් පැවැති අතර, යුදමය තත්ත්වය සමග නැව් ගමනාගමනය අඩාළවීමෙන් මෙරට තැඹිලි අපනයනය නතරවී තිබෙන බව අපනයනකරුවෝ පවසයි.

ඉරානය දරුණු වෙයි - ඉරානයෙන් සෞදි අරාබියට ප්‍රහාර - ඇමරිකානු යානා පහක් විනාසයි

ඉරානය දරුණු වෙයි - ඉරානයෙන් සෞදි අරාබියට ප්‍රහාර - ඇමරිකානු යානා පහක් විනාසයි

ඔවුහු වැඩිදුරටත් පවසන්නේ තැඹිලි අපනයනය නතරවීමත් සමග තැඹිලි සැපයුම්කරුවන් ඇතුළු විශාල පිරිසකට සිය ආදායම් මාර්ග ඇහිරී ඇති බවයි. මැදපෙරදිග රටවලට තැඹිලි අපනයනය නතර වීමත් සමග අපනයන තත්ත්වයේ තැඹිලි දේශීය වෙළෙඳපොළට ලැබෙන ප්‍රමාණයද ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

මේ වනවිට මෙරට වෙළෙඳපොළේ කුඩා ප්‍රමාණයේ තැඹිලි ගෙඩියක් රුපියල් 180ත් 200ත් අතර මිලකටද, විශාල ප්‍රමාණයේ තැඹිලි ගෙඩියක් රුපියල් 250ක් වැනි මිලකටද අලෙවි කෙරේ.

ලංකාවට සෞඛ්‍ය අංශ අනතුරු අගවයි - දරුවන් හා වැඩිහිටියන් ප්‍රවේශමෙන්

ලංකාවට සෞඛ්‍ය අංශ අනතුරු අගවයි - දරුවන් හා වැඩිහිටියන් ප්‍රවේශමෙන්

ඇවිලෙන මැදපෙරදිග - ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට මිසයිල ප්‍රහාරයක්

ඇවිලෙන මැදපෙරදිග - ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට මිසයිල ප්‍රහාරයක්