ලංකාවේ ප්‍රථම වරට ඩ්‍රෝන නියමුවන්ට ලැබුණ දේ

Report

ලංකාවේ ප්‍රථම වරට ඩ්‍රෝන නියමුවන් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික පත් පිරිනැමීමක් සිදු කර තිබේ එය පසුගියදා කොළඹ 07, විජේරාම පාර පිහිටි SLIDA ආයතනයේදී උත්කර්ෂවත් අයුරින් සිදු විය.

මෙම උත්සවය සංවිධාන කළේ, මෙරට පිහිටි වෘත්තීය ඩ්‍රෝන නියමුවන් පුහුණු කරන හා NVQ 03 සහ 04 සහතික ලබාදෙන එකම ආයතනය වන IGAS ඇකඩමිය විසිනි.

  මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සම්මානිත මහාචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ මහතා සහභාගී වූ අතර, ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මහතා ඇතුළු විද්වතුන් පිරිසක්ද IGAS ඇකඩමියේ අධ්‍යක්ෂ විශ්‍රාමික ලුතිනන් කර්නල් රසික කහදගම මහතා සහ කාර්ය මණ්ඩලය සමඟ මෙම අවස්ථාවට සම්බන්ධ වී තිබේ .

ඒ අනුව ජාතික වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කළ සියුසිසුවියන් 37 දෙනෙකුට මෙහිදී සහතික පත් ප්‍රදානය කර තිබේ.

   මෙම පුහුණුව සම්පූර්ණ කරන සිසුන්ට ජපානයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා පස් අවුරුදු රැකියා වීසා ලබා දීමේ අවස්ථාව සලසා ඇති බව IGAS ඇකඩමියේ අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් රසික කහදගම මහතා සඳහන් කරයි .

සිසුන්ට සාධාරණ මුදලකට සහ පහසුකම් රැසක් යටතේ ජපානයට යාමට අවස්ථාව ඇති අතර, අවශ්‍ය නම් සහන බැංකු ණය ලබා ගැනීමේ හැකියාවද සලසා ඇති බවට අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.

අද කොළඹට එන අයට විශේෂ දැනුම්දීමක්

අද කොළඹට එන අයට විශේෂ දැනුම්දීමක්

   ඒ අනුව රටේ තරුණ තරුණියන්ගේ උනන්දුව ඉහළ යාමත් සමඟ, IGAS ඇකඩමිය සෑම අවස්ථාවකදීම මෙම පුහුණුව සහ පහසුකම් සැපයීමට සූදානම් බව එහිදී අවධාරණය කරන ලදී.