ආයේ ආසාවටවත් ගෙයක් හදන්න වෙන් නෑ - ශ්‍රී ලංකාවේ සිමෙන්ති මිල 45% කින් ඉහළ මට්ටමක - රවී
ලෝකයේ නිවාස මිල ඉහළම නගරයක් බවට කොළඹ නගරය පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි අමුද්‍රව්‍යවල මිල ගණන් කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව ඉහළ මිලක පවතින බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා.
සෙසු රටවලට සාපේක්ෂව සිමෙන්ති මිල ශ්‍රී ලංකාවේ 45% ක ඉහළ මට්ටමක පවතින බවත්, යකඩ මිලද වෙනත් රටවල් කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ 75% කින් වැඩි බවත් ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම ඊට ප්‍රධාන හේතුව මෙරට පවතින බදු ක්‍රමය බවද ඔහු අවධාරණය කර ඇත.
ඒ අනුව පවතින බදු ක්‍රමය පිළිබද රජය අවධානය යොමු කළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කළා.
ඉදිකිරීම් ක්ෂේත්රයට සහන සැලසීම මඟින් ආර්ථික ක්‍රියාකාරිත්වයේ වර්ධනයක් අත්කර ගත හැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.