මත්පැන් මිල අඩු කිරීම ගැන මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමයෙන් නිවේදනයක්
මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය සඳහන් කරන ආකාරයට අඩු මිලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදෙන බවට රජය පොරොන්දු වූවත් ඉහළ දමා තිබෙන සුරා බද්ද සියයට දහඅටක (18%) වැට් බදු සහ සියයට දෙකයි දශම පහක (2.5%) සමාජ ආරක්ෂණ බද්ද ආදිය නිසා අඩු මිලට මත්පැන් බෝතලයක් ලබාදිය නොහැකි බවයි.
මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2024-2025 වසරවලදී ඉහළ දැමූ බදු අඩුකිරීමෙන් පමණක් මත්පැන් මිල පහළ දැමිය හැකි බවත් දැනට අඩු මිලට තිබෙන මත්පැන් බෝතලයක් මගින් රජයට රුපියල් 2500කට අධික බදු ප්‍රමාණයක් ගෙවීමට මත්පැන් නිෂ්පාදන සමාගම්වලට සිදුවී තිබෙන බවත්ය.
එමෙන්ම පසුගිය දිනවලදී මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් සමාගමක ගබඩාවල තිබූ මත්පැන් බෝතලයක් රුපියල් 2220ට වයින් ස්ටෝර්ස් හරහා ලබාදුන් බවද එම බෝතල් දින දෙක තුනෙන් අලෙවි වී අවසන් වූ බවද එම සංගමය පවසයි වැඩිදුරටත් මෙම ඉහළ දමා තිබෙන බදු වර්ග අඩුකරන තුරු අඩු මිලට මත්පැන් බෝතල් නිෂ්පාදනය සිහිනයක් පමණක් බවද එම සංගමය පවසා ඇත.