අද මධ්‍යම රාත්‍රීයේ සිට ලාෆ්ස් ගෑස් මිල වැඩි වෙයි - නවතම මිල ගණන් මෙන්න
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර ඇත.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා තිබෙනවා.
අඳාළ මිල සංශෝධනයට අනුව රුපියල් 4,250ක් ව පැවැති 12.5kg ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නවතම මිල 4,330ක් වේ.
එසේම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා ඇති බව සඳහන්.
එහි නව මිල රුපියල් 1,742ක් ලෙස සඳහන්.