කොන්දොස්තර නැතිව බස් ධාවනය කරන්න යන අලුත්ම වැඩේ මෙන්න - ටිකට් ගන්න වැඩේටත් මොකක් වෙයි ද.. ?

announcement Sri lanka sinhala news today trending news Mr.Gamunu wijerathne bus industry
By krishani Apr 16, 2022 03:50 AM GMT
krishani

krishani

Report

කොන්දොස්තරවරුන් රහිතව පෞද්ගලික බස් රථ ධාවනය කිරීමට අදාල යෝජනාවලිය ජාතික ගමනාගමන කොමිසන් සභාව වෙත භාර දුන් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ, පවතින තත්වය හමුවේ කොන්දොස්තරවරුන්ට වැටුප් ගෙවීමට වැයවන පිරිවැය ඉතිරි කර ගැනීම සඳහා එම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව පෙරගෙවුම් කාඩ්පතක් හෝ ජංගම දුරකථන යෙදවුමක් භාවිතයෙන් බස් ගාස්තු ඍජුව බස් හිමියන්ගේ ගිණුම් වෙත ගෙවීමට මගීන්ට මේ වන විටත් ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම සිංහල - දෙමළ අලුත් අවුරුදු නිවාඩුව සමග ධාවනය නතර කර තිබූ සියලු පෞද්ගලික බස් රථ අනිද්දා සිට සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළා.

මේ අතර සිංහල - දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාව නැවත කොළඹ ඇතුලු ප්‍රධාන නගරවලට ඒම සඳහා ක්‍රියාත්මක විශේෂ දුරගමන් සේවා ධාවන කටයුතු අද(16) සිට පුලුල් කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා.

එහි සභාපති කිංස්ලි රණවක කියා සිටියේ ඒ සඳහා දුර ගමන් සේවා ලංගම බස් රථ 2000ක් පමණ යෙදවීමට නියමිත බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join