ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 40 ස් වසර සැමරුම් උත්සවය අද
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්ථාපිත කර වසර 40ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති විශේෂ සැමරුම් උත්සවයක් අද (15) අරලිය ගහ මන්දිරයේදී පැවැත්වේ.
ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි.
එහි තේමාව වනුයේ “දේශ සීමා ඉක්මවා- ශ්‍රි ලාංකිකයින් බලගැන්වීම” යන්නයි.
ඒ වගේම මෙම සැමරුම් උත්සවය පැවැත්වෙන අතර ඊට සමගාමීව විගමණික ප්‍රජාව වෙනුවෙන් සේවාවන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඒ වගේම මෙහිදී
- විගමණික ප්‍රජාව වෙත පහසුකම් සැපයීමේ යෙදවුම හඳුන්වාදීම .
- ශ්‍රමිකයෙකුගේ මරණයකදී පවුලේ ඥාතීන් වෙත ගෙවන දීමනාව රු.40000 සිට රු.100000 දක්වා ඉහල නැංවීම .
- නව්‍යකරණය කරන ලද 24 පැය ඇමතුම් මධ්‍යස්ථානය විවෘත කිරීම.
- සාර්ථකව ව්‍යාපාරවල නියැලෙන විගමණික ශ්‍රමිකයින් ඇගයීම.
- දීර්ඝ කාලයක් පවත්වාගෙන යන විදේශ රැකියා නියෝජිතායතන ඇගයීම
- විගමණික දූදරුවන් සඳහා මූල්‍යමය සහයෝගය ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීම.
- ශ්‍රමිකයෙකුගේ මරණයකදී ලබාදෙන රක්ෂණ වන්දි මුදල ලක්ෂ 6 සිට ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීම.
- ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඩිජිටල්කරණ වැඩසටහන ආරම්භ කිරීම,.
- විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම,
- විගමණික ශ්‍රමිකයින් සඳහා නිවාස ණය මිලියන 10ක් දක්වා ඉහළ නැංවීම ජනාධිපති අරමුදල මගින් විගමණික පවුල් සඳහා ප්‍රතිලාභ ලබාදීම.
වැනි කටයුතු රාශියක් සිදු කිරීමට නියමිතව තිබේ.