2026 අයවැය තෙවන වර කියවීමේ විවාදය අද

Report

පාර්ලිමේන්තුවේ අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (15) සිට ආරම්භ වේ. ඒ අනුව විවාදය අද සිට දින 17ක් පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වනදා ප.ව. 6.00ට සිදුකරන බවයි.

මේ අතර 2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් ඊයේ (14) සම්මත වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් ලැබුණු අතර, 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියහ.

7500කට රජයේ රැකියා - පඩි වැඩි කරනවා පාර්ලිමේන්තුවේදී කියයි

7500කට රජයේ රැකියා - පඩි වැඩි කරනවා පාර්ලිමේන්තුවේදී කියයි

ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත වූ අතර මෙහිදී විපක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා ජීවන් තොණ්ඩමන් යන මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.