ලංකාවේම බලාපොරොත්තු සුන්? ශ්‍රී ලංකා පළමු ඉනිම දුක්ඛිත තත්ත්වයකට
පාකිස්ථානය සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 98කට සීමා කිරීමට පාකිස්ථාන පන්දු යවන්නන් සමත් වී ඇත.
ඒ අනුව රාවල්පිණ්ඩිහිදී අද (17) දින ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.
එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 35යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 98ක් පමණයි.
කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න
එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 32ක් රැස් කළ අතර සොනාල් දිනූෂ ලකුණු 21ක් ලබා ගැනීමට සමත් විය.
එසේම පන්දු යැවීමේදී මොහොමඩ් අබ්බාස්, රසාඋල්ලා සහ ආමර් ජමාල් කඩුලු 3 බැගින් දවාගත් අතර සාකිබ් ඛාන් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.