සුසාන භූමියක ආදාහනාගාර පරිශ්‍රයේ සඟවා තිබූ රුපියල් කෝටි 1.68කට අධික වටිනා 'අයිස්
By Mithu
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද රහසිගත තොරතුරක් මත සිදු කළ වැටලීමකදී, අම්බලන්ගොඩ, කන්දගොඩ සුසාන භූමියක ආදාහනාගාර පරිශ්‍රයේ සඟවා තිබූ රුපියල් එක්කෝටි හැටඅට ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් 'අයිස්' මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 400ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබේ.
අද (17) යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ මාතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඒකාබද්ධව මෙම විශේෂ වැටලීම සිදු කර ඇත.
ජාවාරම්කරුවන් විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය කන්දගොඩ ආදාහනාගාර භූමියේ සොහොන් කොතක් අසල ඉතා සූක්ෂම ලෙස සඟවා තිබී සොයාගත් බව ආරක්ෂක අංශ පවසයි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන කටයුතු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මඟින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලබයි.