මෙම රජයේ කාර්යාලයේ සේවා ගාස්තු යළි සංශෝධනය කෙරේ
ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය විසින් එහි සේවාවන් සඳහා අය කරනු ලබන ගාස්තු වර්තමාන තත්ත්වයන්ට අනුකූල වන පරිදි යළි සංශෝධනය කර ඇත.
මීට පෙර අවසන් වරට මෙම ගාස්තු සංශෝධනය කරනු ලැබ තිබුණේ 2019 ඔක්තෝබර් 27 දිනැති අංක 2146/37 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟිනි.
ඊශ්‍රායල් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට විශේෂ දැනුම්දීමක්- සමාජ මාධ්‍යවල පැතිරෙන ව්‍යාජ පුවත ගැන ඇත්ත මෙන්න
ඒ අනුව, 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධානවලට අනුව නව ගාස්තු සංශෝධන ඇතුළත් 2026 අංක 01 දරන බුද්ධිමය දේපළ නියෝග, 2026 ඔක්තෝබර් 06 දිනැති සහ අංක 2509/17 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම නව නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒ සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.