ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්
ඉන්දුනීසියාවේ මලුකු (Maluku) පළාතට ආසන්න බණ්ඩා මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපක 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන තිබෙන අතර ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි.
එසේම එම මධ්‍යස්ථානය මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්‍ෂා සහිත බව තහවුරු කර තිබෙනවා.
එමෙන්ම මෙම නිවේදනය ජාතික සහ අන්තර් ජාතික ආයතන සමඟ එකඟත්වයෙන් නිකුත් කරන ලද බවද ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
උදෑසන 5.30ට අක්වාන් සුළිකුණාටුව දරුණු තත්ත්වයට.. සුළු මොහොතකට පෙර රටම බයෙන් සිටි නිවේදනය නිකුත් වෙයි
කෙසේ වෙතත් අද (17) අලුයම 2.41ට පමණ මෙම භූ චලනය ඇතිව ඇත්තේ, මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 20ක් ගැඹුරින්.
එසේම එය ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට ද දැනී ඇති බව සඳහන්.
එමෙන්ම බටහිර පැපුවා ප්‍රදේශයට ආසන්න මුහුදු කලාපයේ මෙම භූ කම්පනය සිදුව තිබෙන අතර, ඉන්දුනීසියානු බලධාරීන්ගේ වත්මන් තක්සේරුවලට අනුව සුනාමි අවදානමක් නොමැති බව දන්වා ඇත.
කෙසේ වුවද තත්ත්වය පිළිබඳ බලධාරීන්ගේ නිල නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජනතාවට උපදෙස් දී තිබෙන බව සඳහන්.
