ලංකාවේ පළමු වරට ළමා ආරක්ෂක පනත සහ ජාතික ප්‍රතිපත්තිය බ්‍රේල් ක්‍රමයට සකස් කෙරේ- දෘශ්‍යාබාධිත දරුවන් වෙනුවෙන් ගත් සුවිශේෂී පියවර මෙන්න

Report

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය බ්‍රේල් ක්‍රමයට සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබේ.

මෙම වැඩපිළිවෙළ මගින් දෘශ්‍යාබාධිත දරුවන්ට ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යභාරය සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අවශ්‍ය මූලික දැනුම ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, අදාළ තොරතුරු වෙත ස්වාධීනව ප්‍රවේශ වීමේ හැකියාව ද හිමිවේ.

සියලු දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම මෙන්ම කිසිදු දරුවෙකු අත්නොහැර ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම හා තොරතුරු වෙත සමාන ප්‍රවේශ අවස්ථා තහවුරු කිරීම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණක් බව සඳහන් වේ.

ඒ අනුව, අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මගින් සියලු දරුවන්ට තොරතුරු වෙත සමාන ප්‍රවේශයක් සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළේ වැදගත් ඉදිරි පියවරක් ලෙස මෙම වැඩසටහන හඳුන්වා දිය හැකිය.

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න