නව පනත් කෙටුම්පත් දෙක සම්මත කිරීම වැළැක්වීමට රට පුරා විරෝධතා ගොඩනැගිය යුතුයි - එම්.ඒ. සුමන්තිරන්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්මත කිරීම වැළැක්වීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතු බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පවසයි.
කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් එම පක්ෂයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේ ඒ සඳහා සියලු දෙනා එක්ව විරෝධතා දැක්විය යුතු බවයි.
නව අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම්දීමක් - මේ ගිණුමක් විවෘත කිරීම සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ මෙය සිදු කිරීම අනිවාර්යයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන අවස්ථාවේදී ඊට ආදේශකයක් ලෙස පනත් එකක් වෙනුවට පනත් දෙකක් ගෙන එන බවත්, එම පනත් දෙකෙහිම භයානක තත්ත්වයක් පවතින බවත් ඔහු එහිදී සඳහන් කළේය.
මෙම පනත් දෙකම සම්මත කර ගතහොත් ආණ්ඩුවට එරෙහිව කිසිවෙකුටත් පාරට බැසීමට නොහැකි වනු ඇති බවට සුමන්තිරන් මහතා අනතුරු ඇඟවීය.
ඒ හේතුවෙන් මේ වන විට ගොඩනගන විරෝධතාව මගින් පමණක් මෙය වළක්වා ගත හැකි බවත්, ඒ සඳහා ඇත්තේ කෙටි කාලයක් බැවින් රට පුරාම දැඩි විරෝධතා ගොඩනැගිය යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.