පාසලක් කැළඹෙයි - හදිසියේ සිසුන් 35 දෙනෙකු රෝහලට

Report

පාසලෙන් ලබාදුන් උදෑසන ආහාරය විෂවීමක් නිසා වටවල, ටෙම්පල්ස්ටෝ වතුයායේ පාසලක සිසුන් පිරිසක් අද (17) දින වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව වටවල පොලිසිය සඳහන් කර ඇත්තේ සිසුන් 35 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි.

අඳාළ පාසලෙන් ලබාදුන් උදෑසන ආහාරය අනුභව කිරීමෙන් පසු වමනය, ක්ලාන්තය සහ පපුවේ වේදනාව වැනි රෝග ලක්ෂණ සිසුන්ට ඇති වී ඇත.

සිසුන් සඳහන් කර ඇත්තේ උදෑසන ආහාරය සඳහා බත්, අල, බීට්රූට් ව්‍යංජනයක් සහ පලා වර්ගයක් ලබාදුන් බවයි.

ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පන‍යෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්

ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පන‍යෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්

මෙසේ රෝගාතුර වී ඇත්තේ එම පාසලේ තුන්වැනි ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් බව සඳහන්.

මේ අතර රෝහල්ගත කළ සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වටවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයා සඳහන් කර ඇත.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙන වෙනම විමර්ශන ආරම්භ කර ඇත.

උදෑසන 5.30ට අක්වාන් සුළිකුණාටුව දරුණු තත්ත්වයට.. සුළු මොහොතකට පෙර රටම බයෙන් සිටි නිවේදනය නිකුත් වෙයි

උදෑසන 5.30ට අක්වාන් සුළිකුණාටුව දරුණු තත්ත්වයට.. සුළු මොහොතකට පෙර රටම බයෙන් සිටි නිවේදනය නිකුත් වෙයි

කව්රුත් නොදෙන මහින්දගේ බත් පිඟානෙයි යුද ජයග්‍රහණයයි අතර තියෙන සම්බන්ධය නීතිඥ  සංජීව වීරවික්‍රම කියයි

කව්රුත් නොදෙන මහින්දගේ බත් පිඟානෙයි යුද ජයග්‍රහණයයි අතර තියෙන සම්බන්ධය නීතිඥ  සංජීව වීරවික්‍රම කියයි