නව අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම්දීමක් - මේ ගිණුමක් විවෘත කිරීම සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ මෙය සිදු කිරීම අනිවාර්යයි

Report

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූ නව ප්‍රතිලාභීන්ට බැංකු ගිණුම් විවෘත කිරීමට සහ තොරතුරු තහවුරු කිරීමට අද (17) දින සිට අවස්ථාව ලබාදී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන බව වාර්තා වේ.

එබැවින් නව අස්වැසුම ප්‍රතිලාභීන් සිය ප්‍රතිලාභ ලබා ගැනීමට රාජ්‍ය බැංකුවක වෙනම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ගිණුමක් විවෘත කළ යුතු වේ.

ඒ සඳහා අදාළ නිර්දේශ ලිපි අද සිට තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයෙන් ලබාගත හැකි බව සඳහන්.

ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පන‍යෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්

ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පන‍යෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්

මේ අතර බැංකු ගිණුම විවෘත කිරීමෙන් පසු යළි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ගිණුම් තොරතුරු යාවත්කාලීන කිරීම අනිවාර්ය බව දන්වයි.

කෙසේ වුවද දැනටමත් සක්‍රිය අස්වැසුම බැංකු ගිණුමක් පවතින ප්‍රතිලාභීන් නව ගිණුමක් විවෘත කිරීම අවශ්‍ය නොවන බව සඳහන්.

මේ අතර නව ප්‍රතිලාභීන්ට සහ දෙවන අදියරේ ප්‍රතිලාභීන්ට නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව ලබන 27 වැනි දින ලබාදීමට අපේක්ෂා කරන බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ලක්ෂ 4ට වඩා අඩු වුණ අද කැරට් 24 රන් පවුමක මිල - රන් වෙළඳපොළ උණුසුම් කරන අද රන් මිල ගණන් මෙන්න

ලක්ෂ 4ට වඩා අඩු වුණ අද කැරට් 24 රන් පවුමක මිල - රන් වෙළඳපොළ උණුසුම් කරන අද රන් මිල ගණන් මෙන්න

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න

Gallery