කියෙව් අගනුවර ප්‍රධාන පාලම් දෙකකට රුසියානු බැලස්ටික් මිසයිල ප්‍රහාර

Report

යුක්‍රේනයේ කියෙව් අගනුවර ප්‍රධාන පාලම් දෙකකට රුසියාව එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරවලින් දැඩි හානි සිදුව තිබේ.

කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ෂ්කෝ මහතා සඳහන් කළේ, ඩ්නිප්‍රෝ ගංගාව හරහා ඉදිකර ඇති උතුරු සහ දකුණු පාලම්වලට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවයි.

මෙම ප්‍රහාර හේතුවෙන් නගරයේ විදුලිබල, ජල හා උණුසුම්කරණ සැපයුම්වලට මෙන්ම උමං දුම්රිය සේවාවලට ද බාධා එල්ල වී ඇත. මීට අමතරව යුක්‍රේනයේ චෙර්කාසි ප්‍රදේශයට රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

අධිකරණයේදී සමාව ඉල්ලූ බලංගොඩ කස්සප හිමියන්ට ඇප

අධිකරණයේදී සමාව ඉල්ලූ බලංගොඩ කස්සප හිමියන්ට ඇප

මේ අතර, රුසියාව සහ ක්‍රිමියා අර්ධද්වීපය යා කරන කර්ච් පාලමට අඛණ්ඩව දෙවැනි දිනටත් යුක්‍රේනය විසින් ප්‍රහාර එල්ල කරනු ලැබ ඇත.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පාලම හරහා සිදු කෙරෙන රථවාහන ගමනාගමනය ද සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ. එමෙන්ම, ගත වූ පැය 24ක කාලය තුළ යුක්‍රේන ඩ්‍රෝන යානා 2,049ක් සහ දිගු දුර මිසයිල හතරක් විනාශ කිරීමට සමත් වූ බව රුසියානු බලධාරීන් පවසයි.

අයවැය වැඩකට නැතිබව කියමින් මේ රාජ්‍ය සේවකයින් නොසතුටින් - ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට

අයවැය වැඩකට නැතිබව කියමින් මේ රාජ්‍ය සේවකයින් නොසතුටින් - ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට

යුද ගැටුම් අවසන් කිරීම සඳහා අමෙරිකානු, යුක්‍රේන සහ යුරෝපීය නියෝජිතයින් අතර සාකච්ඡා පැවැත්වෙන පසුබිමක දෙපාර්ශ්වය අතර මෙලෙස දරුණු ප්‍රහාර එල්ල වී තිබීම විශේෂත්වයකි.