ශ්‍රී ලංකා සහ බංගලාදේශ නැගි එන ක්‍රිකට් සටන ඇරඹෙයි - බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදෙයි

Report

ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම අතර තරගය මේ වනවිට කටාර්හි දෝහාහිදී පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව, මෙම පුවත සකස් කරන අවස්ථාව වනවිට පන්දුවාර 4.5ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 28ක් රැස් කිරීමට බංග්ලාදේශ ‘ඒ’ පිල සමත්ව සිටියේය.

සයිෆ් හසන් පන්දු 13කදී ලකුණු 16ක් සහ පර්වේස් හොසේන් එමොන් පන්දු 16කදී ලකුණු 12ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් ජනිත් ලියනගේ සහ ළහිරු සමරකෝන් පන්දු යවමින් සිටි අතර, මේ දක්වා ඔවුන්ට කඩුලු දවාගැනීමට හැකි වී නොමැත.

තිලක් වර්මා තනිව සටන් කළත් ඉන්දියාවට ජය අහිමි වෙයි - පාකිස්තානයෙන් ප්‍රබල ප්‍රහාරයක්

තිලක් වර්මා තනිව සටන් කළත් ඉන්දියාවට ජය අහිමි වෙයි - පාකිස්තානයෙන් ප්‍රබල ප්‍රහාරයක්

ආසියානු කුසලානයට පෙර තුන්කොන් එක්දින තරගාවලියකට බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ඇරයුම්

ආසියානු කුසලානයට පෙර තුන්කොන් එක්දින තරගාවලියකට බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ඇරයුම්