කලාව තුළින් සහකම්පනය සහ සාමය වර්ධනය විය යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

Report

කලා සම්ප්‍රදායන් පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති සහ ඒවායේ වටිනාකම හඳුනාගත් පරම්පරාවක් බිහි කිරීමට අවශ්‍ය පදනම සැකසීම රජයේ වගකීමක් බවත්, මිනිසුන් අතර සහකම්පනය, සංහිඳියාව සහ සාමය වර්ධනය කරමින් වෙනස්කම්වලට ගරු කිරීමට මඟ පෙන්වන කලාවක් බිහි විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (22) පැවති 'සාම මුද්‍රා නාට්‍යයේ' 40 වසරක ගමන් මඟ සැමරීම සහ එහි ප්‍රවීණයන් ඇගයීමේ "TRIBUTE TO LEGENDS" උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

රත්තරන් කරන්න පොරකන ලාංකිකයෝ - මෙච්චර අඩුවට රත්තරන් - රන් ආභරණ ගන්න ඉන්නවනම් අදම ඉක්මන් වෙන්න

රත්තරන් කරන්න පොරකන ලාංකිකයෝ - මෙච්චර අඩුවට රත්තරන් - රන් ආභරණ ගන්න ඉන්නවනම් අදම ඉක්මන් වෙන්න

මෙහිදී කලා ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන කලාකීර්ති රවිබන්දු විද්‍යාපති, මහාචාර්ය මුදියන්සේ දිසානායක, ආචාර්ය චන්න විජේවර්ධන සහ සාම මුද්‍රා නාට්‍යයේ පුරෝගාමියෙකු වන නවීන් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු ශිල්පීන්ගේ අතීත මෙහෙවර ඇගයීමට ලක් කරමින් අග්‍රාමාත්‍යවරිය අතින් සම්මාන ප්‍රදානය සිදු කෙරිණි.

අද රාත්‍රී 11 සිට හෙට දක්වා - කොළඹ හා මහනුවර ජනතාවට විශේෂයි - රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

අද රාත්‍රී 11 සිට හෙට දක්වා - කොළඹ හා මහනුවර ජනතාවට විශේෂයි - රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

එමෙන්ම, 40 වසරක ගමන් මඟ අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මඟින් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු විය. 1985 වසරේ නවීන් ගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ 'සාම මුද්‍රා නාට්‍යය' මෙරට නර්තන කලාවේ නව පරිච්ඡේදයක් උදා කළ බවත්, දේශීය නර්තන ශිල්පීන්ට ජාත්‍යන්තර වේදිකාව දක්වා ගමන් කිරීමට එමඟින් අවස්ථාව විවර වූ බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

භාෂාව, ජාතිය, ආගම සහ සංස්කෘතිය අනුව බෙදී සිටින මිනිසුන්ට කලාව තුළින් එකම මානුෂීය පණිවිඩයක් සන්නිවේදනය කළ හැකි බව ලෝකයට පෙන්වා දුන් මෙම කලා මෙහෙවර, අනාගත පරම්පරාවන් වෙනුවෙන් වඩාත් සාමකාමී හා සංවේදී සමාජයක් ගොඩනැඟීමට මහඟු පිටිවහලක් වන බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.