අද සිට 27 දක්වා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් ජාතික වැඩසටහනක් - අඩු ආදායම්ලාභී පවුල්වලට සුබ වෙයි
රජයේ ආධාර මඟින් ඉදිකරන ලද නව නිවාස 3,000ක් නොවැම්බර් 23 සිට 27 තෙක් දිවයින පුරා ජනතා අයිතියට පත් කිරීමේ ජාතික වැඩසටහන අද (23) දින අරඹා ඇත.
ඒ අනුව මෙම නිවාස ඉදිකර ඇත්තේ, නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කෙරෙන "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ එක් නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මූල්‍යාධාර සහ ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම දායකත්වය ඇතිව බව සඳහන්.
සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි
එසේම අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ගැටලුව විසඳීම අරමුණු කරගනිමින් එම අමාත්‍යාංශය මඟින් පමණක් මේ වසර තුළ රට පුරා නිවාස 12,000කට වැඩි සංඛ්‍යාවක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.
එහි එක් අදියරක් වශයෙන් නොවැම්බර් 23 සිට 27 දක්වා සතිය තුළ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස මෙසේ නව නිවාස 3,000ක් ජනතාව වෙත භාරදීම සිදු කරන බව සඳහන්.