අද රාත්‍රී 11 සිට හෙට දක්වා - කොළඹ හා මහනුවර ජනතාවට විශේෂයි - රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
අද (23) රාත්‍රී 11.00 සිට හෙට (24) අලුයම 6.00 දක්වා නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් වසා තැබීමට තීරණය කර ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් සහිත ගල් ඉවත් කිරීමේ කටයුතු ආරක්ෂිතව සිදු කිරීම සහ ඊට අදාළ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු අදාළ නිලධාරීන් දැනුවත් කර ඇත.
එමෙන්ම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය හරහා ද සියලු පාර්ශ්වයන් වෙත අවශ්‍ය දැනුම්දීම් සිදු කර ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
එබැවින්, අදාළ කාලසීමාව තුළ එම මාර්ගය භාවිත කිරීමට අපේක්ෂා කරන රියදුරන් සහ මහජනතාව මේ පිළිබඳව අවධානය යොමු කර විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කර තිබේ.