දිස්ත්‍රික්ක 17කට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම් - අද රාත්‍රී 11.00 වන තෙක් 'ඇම්බර්' නිවේදනයක් – ඔබේ ප්‍රදේශයත් ඇතුළත්දැයි වහාම බලන්න

Report

සවස් කාලයේ සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ඇම්බර් (Amber) වර්ණ සංඥාව යටතේ අකුණු අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

අද (23) පස්වරු 1.00 සිට රාත්‍රී 11.00 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බව ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීම අදාළ වේ.

මීට අමතරව අම්පාර, බදුල්ල, මඩකළපුව, මහනුවර, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ද ගිගුරුම් සහිත වැසි සහ අකුණු අනතුරු බලපෑ හැකි බවට අනතුරු අඟවා තිබේ.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බැවින්, එළිමහනේ රැඳී සිටින පුද්ගලයන්ට බරපතළ තුවාල හෝ මරණය පවා සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් එළිමහන් ක්‍රියාකාරකම්, ක්‍රීඩා ඉසව්, කෘෂිකාර්මික කටයුතු සහ මහජන රැස්වීම්වලට බාධා ඇතිවිය හැකිය. එමෙන්ම විදුලි උපකරණවලට හානි සිදුවීම මෙන්ම විදුලි හා සන්නිවේදන සේවාවලට බාධා ඇතිවීමේ අවදානමක් ද පවතී.

ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල සුළං සහ අධික වර්ෂාපතනයක් ද ඇතිවිය හැකි බැවින්, යටිතල පහසුකම්වලට හානි සිදුවීම සහ ප්‍රවාහන කටයුතුවලට බාධා ඇතිවීමේ හැකියාවක් පවතින බව ද අනතුරු අඟවා තිබේ.

අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට ජනතාවට උපදෙස් ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ක්‍රීඩා, ඉදිකිරීම් සහ කෘෂිකාර්මික කටයුතු ඇතුළු සියලු එළිමහන් ක්‍රියාකාරකම් නතර කිරීමට හෝ කල් දැමීමට මහජනතාවට උපදෙස් දී තිබේ.

එවැනි අවස්ථාවලදී ශක්තිමත් ගොඩනැගිල්ලක් තුළ හෝ වසා ඇති වාහනයක් තුළ ආරක්ෂිතව රැඳී සිටින ලෙස දැනුම් දී ඇත.

එමෙන්ම වෙරළ තීරයන්, පිහිනුම් ස්ථාන, වැව්, ගංගා සහ අනෙකුත් ජල මූලාශ්‍ර ආසන්නයේ රැඳී සිටීමෙන් වළකින ලෙස ද ජනතාවට උපදෙස් දී තිබේ.

ගිගුරුම් සහිත වැසි පවතින විට තනිව පිහිටි ගස් යට, කූඩාරම් තුළ, විවෘත මඩු හෝ අර්ධ වශයෙන් ආවරණය වූ ස්ථාන යට රැකවරණය ලබා නොගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

තවද, අයහපත් කාලගුණික තත්ත්වයන් පවතින අවස්ථාවලදී දරුවන් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් නිවෙස් තුළම රඳවා තබා ගන්නා ලෙසත්, විදුලි උපකරණ, ජල නළ පද්ධති සහ විදුලි රැහැන්වලින් ඈත්ව සිටින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මුළු ලංකාවටම වලංගු කාලගුණයේ වෙනසක් - අද සවස දෙකෙන් පසු කාලගුණය - ජනතාවගෙන් ඉල්ලීමක්

මුළු ලංකාවටම වලංගු කාලගුණයේ වෙනසක් - අද සවස දෙකෙන් පසු කාලගුණය - ජනතාවගෙන් ඉල්ලීමක්

රුපියල් ලක්ෂ 5 ඉක්මවන ගනුදෙනු ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්දැඩි අනතුරු ඇඟවීමක්

රුපියල් ලක්ෂ 5 ඉක්මවන ගනුදෙනු ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්දැඩි අනතුරු ඇඟවීමක්

GalleryGallery