ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම පෞද්ගලීකරණය වීම නිසා ශ්‍රමිකයන් දැඩි අසීරුතාවයට - විපක්ෂ නායක

Report

ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීමේ වැඩසටහන පෞද්ගලීකරණය වීම හේතුවෙන් විදේශගත වන ශ්‍රමිකයන් දැඩි අසීරුතාවලට ලක්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කෘෂිකර්ම සහ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සඳහා රාජ්‍යයන් අතර වැඩසටහනක් ලෙස ආරම්භ වූ මෙම විදේශ රැකියා ක්ෂේත්‍රය මේ වන විට බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය වෘත්තීය සමිතිවලින් ආණ්ඩුවට රතු එළියක්

සෞඛ්‍ය වෘත්තීය සමිතිවලින් ආණ්ඩුවට රතු එළියක්

රජය වෙනුවට ඇතැම් පෞද්ගලික විදේශ රැකියා ආයතන මෙම කටයුතු සිදු කිරීම නිසා විදේශගත වන සෑම පුද්ගලයෙකුටම අවම වශයෙන් රුපියල් ලක්ෂ 35ක් පමණ වැය කිරීමට සිදුව ඇති බව විපක්ෂ නායකවරයා චෝදනා කළේය.

මේ වන විට සියයට 90කට අධික පිරිසක් පෞද්ගලික අංශය හරහා විදේශගත වන විට රාජ්‍ය මැදිහත්වීමෙන් යන්නේ සියයට 7ක් පමණ සුළු ප්‍රමාණයක් බව ද ඔහු සඳහන් කළේය.

රත්තරන් කරන්න පොරකන ලාංකිකයෝ - මෙච්චර අඩුවට රත්තරන් - රන් ආභරණ ගන්න ඉන්නවනම් අදම ඉක්මන් වෙන්න

රත්තරන් කරන්න පොරකන ලාංකිකයෝ - මෙච්චර අඩුවට රත්තරන් - රන් ආභරණ ගන්න ඉන්නවනම් අදම ඉක්මන් වෙන්න

රාජ්‍යයන් අතර ක්‍රියාත්මක වූ වැඩසටහනේදී ඊශ්‍රායලයට යාමට වැය වූයේ රුපියල් ලක්ෂ නවයක් පමණක් බව පෙන්වා දුන් ප්‍රේමදාස මහතා, පොලිස් වාර්තා ලබාගෙන විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින 2,000ක පමණ පිරිසට පෞද්ගලික ආයතනවල අධික ගාස්තු වෙනුවට යළි ලොතරැයි ඇදීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.