මා වෙනුවෙන් හෝ මේ රටේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් හෝ කතා කිරීමට ඔබට වරමක් නැත.. ලංකාව ගැන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට හිටපු අමාත්‍ය අලි සබ්‍රිගෙන් විශේෂ සටහනක්

Report

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වශයෙන් හැඳින්වීම සම්බන්ධයෙන් උරණ වීමට කිසිදු හේතුවක් නොමැති බව හිටපු අමාත්‍ය, නීතිඥ අලි සබ්‍රි ප්‍රකාශ කරන බව සඳහන්.

ඒ අනුව ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා මෙම සටහන තබා ඇත්තේ මොහොමඩ් ෆසාල් නමැත්තෙකු විසින් ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක වීම විශේෂ වේ.

අඳාළ සටහන "රත්නදීප ජන්ම භූමි" යනුවෙන් අරඹා ඇති අලි සබ්‍රි මහතා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ උපන් මුස්ලිම් ජනතාවට ද අනෙකුත් ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම මෙම රට තම මව්බිම ලෙස අභිමානයෙන් හැඳින්වීමට සම්පූර්ණ අයිතියක් පවතින බවයි.

කොළඹ, මුතුවැල්ල වෙරළට ගලා ආ ඩීසල් නිසා දැවැන්ත අර්බුදයක් - අදාළ පාර්ශවයන්ගෙන් වන්දි අයකර ගැනීමට තීරණයක්

කොළඹ, මුතුවැල්ල වෙරළට ගලා ආ ඩීසල් නිසා දැවැන්ත අර්බුදයක් - අදාළ පාර්ශවයන්ගෙන් වන්දි අයකර ගැනීමට තීරණයක්

එසේම ශ්‍රී ලාංකික මුස්ලිම්වරයෙකු වශයෙන් තමන් මෙරට බෞද්ධ උරුමයට හදවතින්ම ගරු කරන බවත්, වසර දෙදහසකට අධික කාලයක් බුදුදහමෙන් පෝෂණය වූ මෙරට සංස්කෘතික උරුමයේ කොටස්කරුවෙකු වීම තමන්ට ද අභිමානයක් බවත් ඔහු පවසයි.

ඊට අමතරව ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශය සිදුකළ පුද්ගලයාගේ අදහස් තමන් තරයේ හෙළා දකිමින් හිටපු අමාත්‍යවරයා අවධාරණය කරන්නේ සෑම පුද්ගලයෙකුටම තම මතය ප්‍රකාශ කිරීමට අයිතියක් පැවතියද, අන්‍ය ආගමිකයින් පූජනීය ලෙස සලකන දේවලට ගෞරව කිරීමේ වගකීමක් ද පවතින බවයි.

එබැවින් එක් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් හේතුවෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාවම විවේචනයට හෝ ප්‍රහාරයට ලක් නොකරන ලෙස හිටපු අමාත්‍යවරයා බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇත.

සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි

සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි

අඳාළ සම්පූර්ණ සටහන පහතින් උපුටා දක්වා ඇත,

''රත්නදීප ජන්ම භූමි
“රත්නදීප ජන්ම භූමි” යන පද ඇසෙන විට මගේ සිතට නැඟෙන්නේ මා උපන්, මගේ දරුවන් උපන්, අප කවුරුත් ආදරය කරන මේ රටයි. වෙනත් ඕනෑම ශ්‍රී ලාංකිකයකුට මෙන්ම, මේ රටේ මුස්ලිම් ජනතාවටත් “ශ්‍රී ලංකාව අපේ මව්බිමයි” යැයි එකම අභිමානයෙන් කියන්නට සම්පූර්ණ අයිතිය ඇත. ඒ අයිතියට කිසිවකුගේ අවසරයක් අවශ්‍ය නැත. ශ්‍රී ලාංකික මුස්ලිම්වරයකු ලෙස මම මේ රටේ බෞද්ධ උරුමයට හදවතින්ම ගරු කරමි. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස හැඳින්වීම ගැන උරණ වීමට අපට කිසිදු හේතුවක් නැත. වසර දෙදහසකට අධික කාලයක් පුරා බුදුදහමෙන් පෝෂණය වූ මේ රටේ සංස්කෘතික උරුමයේ කොටස්කරුවකු වීම මටත් අභිමානයකි. ඒ උරුමයට ගරු කිරීමත්, මේ මව්බිමට මගේ ඇති අයිතිය ගැන අභිමානයෙන් කතා කිරීමත් මට එක සේ ස්වාභාවිකය. මේ ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශය කළ තැනැත්තාට මම මෙය කෙළින්ම කියමි. ඔබට ඔබේ මතය පළ කිරීමට අයිතියක් ඇත. ඔබ තෝරාගත් වචනවල වගකීම ද ඔබ සතුය. තම ආගමට ගෞරවය අපේක්ෂා කරන කෙනකු අන් අය පූජනීය කොට සලකන දේට ද ඒ ගෞරවයම දැක්විය යුතුය. ඔබ කළ අගෞරවනීය ප්‍රකාශය මම තරයේ හෙළා දකිමි. ඔබ කතා කළේ ඔබ වෙනුවෙනි. මා වෙනුවෙන් හෝ මේ රටේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් හෝ කතා කිරීමට ඔබට වරමක් නැත. ඔබේ වචනවලින් සිත් රිදුණු අයගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමට තරම් නිහතමානී වන්න. මගේ ආගමේ නාමයෙන් මගේම රටවැසියන්ට අගෞරව කරන්නට කිසිවකු සිතන්නේ නම්, මගේ පිළිතුර පැහැදිලිය. මගේ නමින් නම් නොවේ! මට නම් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හරය වඩාත් පැහැදිලි වන්නේ එහි 9, 10 සහ 12 වැනි ව්‍යවස්ථා එකට කියවන විටය. 9 වැනි ව්‍යවස්ථාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජයට පවරයි. ඒ වාක්‍යය තුළම සියලු ආගම්වල ආගමික නිදහස ද සහතික කරයි. 10 වැනි ව්‍යවස්ථාව සෑම අයකුගේම සිතීමේ, හෘදය සාක්ෂියේ සහ ආගමික නිදහස සුරකියි. 12 වැනි ව්‍යවස්ථාව නීතිය ඉදිරියේ සමානාත්මතාවත් නීතියේ සමාන රැකවරණයත් සහතික කරයි. මේ සමබරතාව රැකෙන්නේ එම වගන්තිවල අරුත අප එකිනෙකාට සලකන ආකාරයෙන් ද පෙනෙන විටය. මේ ප්‍රකාශයෙන් සිත් රිදුණු මගේ බෞද්ධ සහෝදර සහෝදරියනි, ඔබේ හැඟීම් මට වැටහේ. ඔබෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ එක දෙයකි. එක් අයකුගේ වචන මුළු මුස්ලිම් ප්‍රජාවටම පහර දීමට හේතුවක් කරගන්න එපා. ඔබේ මඟුලටත් අවමඟුලටත් පැමිණි, කරදරයකදී ඔබ ළඟින් සිටි මුස්ලිම් අසල්වැසියා ගැන මොහොතක් සිතන්න. ඔබ දෙදෙනාම නොහඳුනන කෙනකුගේ වචනවලට, වසර ගණනක් තිස්සේ ඔබ අතර ගොඩනැඟුණු ඒ බැඳීම පළුදු කරන්නට ඉඩ දෙන්නේ ඇයි? දැන් ඇති. බෙදී වෙන්වීම නිසා මේ රට ගෙවා ඇති මිල හොඳටම ඇති. අපේ දරුවන් එකට ජීවත් වන්නට ඉගෙන ගන්නේ අද අප එකිනෙකාට සලකන හැටි දැකීමෙනි. මගේ දරුවකුටත් ඔබේ දරුවකුටත් එක ළඟ සිට “රත්නදීප ජන්ම භූමි” යැයි ගයන විට, තමන්ට මේ රට කෙතරම් අයිති දැයි මොහොතකටවත් සැකයක් ඇති නොවේවා.
මේ අප සැමගේ මව්බිමයි." 

අද දින ලග්න පලාපල – නොවැම්බර් 23 සඳුදා 2026

අද දින ලග්න පලාපල – නොවැම්බර් 23 සඳුදා 2026