ශ්‍රී ලංකා පළමු තරගය පරාජය වීමට හේතුව කියයි..
පළමු වරට ජාත්‍යන්තර තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංග ගත් තීරණය බොහෝ දෙනකුගේ කතාබහට ලක්වී තිබේ.
මේ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වැරැදි තීන්දුවක් ගත් බවයි, ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයන් සඳහන් කරන්නේ.
එම තරගයේ දී මුලින්ම පන්දු යැවීම සඳහා වනිඳුට හොඳම අවස්ථාව තිබියදී ඔහු පන්දුවට පහර දීමට තීරණය කළේ, කාගේ වුවමනාවට ද යන්න ප්‍රශ්නයක් මතු වී ඇති බවයි ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ.
පන්දු යැවීම සඳහා අවස්ථාව තිබියදී එය සිදු නොකිරීම නිසා මෙම පරාජය සිදුවුණු බවයි, ක්‍රිකට් විස්තර විචාරකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.