ක්‍රිප්ටෝ කරන්සි හරහා ලංකාවේ මුදල් විදෙස් රටවලට ගලාගෙන ගිහින්? මහ බැංකුවට අධිකරණයෙන් විශේෂ නියෝගයක්

Report

විදෙස් විනිමය පනතේ තිබෙන හිඩැස් නිසා ක්‍රිප්ටෝ කරන්සි හරහා මෙරට මුදල් විදෙස් රටවලට ගලාගෙන යන බව අධිකරණයට නිරීක්ෂණය වන බැවින් එය වැළැක්වීමට වහා පියවර ගෙන ඊට අඳාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට අද (12) දින නියෝග කර ඇත.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා පැවසුවේ මහ බැංකුවේ කිසිදු අනුදැනුමක් නොමැතිව නව තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදු කරනු ලබන මෙම ක්‍රිප්ටෝ කරන්සි ජාවාරම සම්බන්ධයෙන් ජනතාව තුළ කිසිදු අවබෝධයක් නොමැති බවත් මෙවැනි සිද්ධින් නොනවත්වා දිනෙන් දින අධිකරණයට වාර්තා වන බව නිරීක්ෂණය වන බවත් ය.

එමෙන්ම එම සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අධිකරණයට පමණක් සීමා වී ඇති බවද මහේස්ත්‍රාත්වරයා අධිකණයට දන්වා සිටියා.

උණුසුම මැද ලෝකෙම හැරිලා බලපු ආරංචිය - ඉන්දීය නෞකාවලට හෝමුස් හරහා යාත්‍රා කිරීමට ඉරානයෙන් අවසර?

උණුසුම මැද ලෝකෙම හැරිලා බලපු ආරංචිය - ඉන්දීය නෞකාවලට හෝමුස් හරහා යාත්‍රා කිරීමට ඉරානයෙන් අවසර?

ඊට අමතරව මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැන්වුවේ මෙම අත්‍යන්ත මුදල් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහ බැංකුව කළ යුතු බවයි. එමෙන්ම ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කළා.

මෙම සිද්ධියට අඳාළව පවතින විදේශ විනිමය පන⁣තේහි තිබෙන හිඩැස් ප්‍රයෝජනයට ගෙන බොහෝ පිරිසක් මෙසේ මුදල් වංචා කිරීමට පෙළඹි ඇති බවත් ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහ බැංකුව දැනුවත් වි ක්‍රියා කළ යුතු බවත් මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම් දී ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක සිදුව ඇති මිලියන 290ක වංචාවකට අදාළව එහි සැකකරුවන් විසින් බයිනෑන්ස් ගිණුම් හරහා ක්‍රිප්ටෝ කරන්සි ඔස්සේ ජනතාව සතු මුදල් වංචා සහගතව ලබා ගැනීමේ සිද්ධියකට අඳාළ නඩුව අද අධිකරණය හමුවේ නැවත කැඳවූ විටයි.

ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙ‍යි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය

ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙ‍යි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය

මේ අතර මිලියන 290ක් අස්ථානගත වීමේ සිද්ධියට අඳාළ විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

එම සිද්ධිය සමාන්‍ය සිද්ධියක් නොවන බවත් මෙවැනි බයිනෑන්ස් හරහා සිදු කරනු ලබන වංචා සියල්ල වළක්වාලිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් ක්‍රියා කළ යුතු බවත් පවසා මහේස්ත්‍රාත්වරයා පෙර නඩු දිනයේදී ද නියෝග කර තිබුණා.

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, මෙම පෞද්ගලික බැංකුවට අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් මාස තුනක් තිස්සේ කරුණු වාර්තා කරමින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම පමණක් නොව මෙම සිද්ධියට අඳාළ සියලු තොරතුරු සොයා විමර්ශනය කඩිනමින් අවසන් කළ යුතු බවයි.

තවද සාමාන්‍ය ජීවිතේ ගෑස් හොරකම් කරනවා වගේ සිද්ධියක් නෙවෙයි ජනතාවගේ මුදල් මෙසේ බයිනෑන්ස් ගිණුම් හරහා වංචා කිරීම නවතාලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කළ යුතු බව පෙර නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරයා දන්වා ඇත.

මෙම සිද්ධියට අඳාළව සැකකරුවන් 19 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර තිබෙනවා.

දවස් ගාණකට පස්සේ රත්තරන් ගැන මෙන්න සුබ ආරංචියක් - අද බැහැපු රන් මිල

දවස් ගාණකට පස්සේ රත්තරන් ගැන මෙන්න සුබ ආරංචියක් - අද බැහැපු රන් මිල