සිංහ පුත්තු මෙදා පොටේ ඉන්දියාවත් ගෙදර යවයි - සියලු තරග ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා 'A' කණ්ඩායම අවසන් මහා තරගයට [HIGHLIGHT VIDEO]

Report

ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ඉන්දීය 'A' කණ්ඩායම කඩුලු 8කින් පරාජය කිරීමට පවන් රත්නායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා 'A' කණ්ඩායම සමත් විය.

ඒ තරගාවලියේ අවසන් මහා තරගයට අපරාජිතව සුදුසුකම් ලබා ගනිමින්.

මෙම තරගය දෝහා හි 'West End Park' ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති අතර ඉන්දීය කණ්ඩායම ලබාදුන් ලකුණු 318ක ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී පන්දුවාර 41.3කදී පසුකර යෑමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් විය.

එහිදී ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ලසිත් කෘෘස්පුල්ලේ සහ සිනෙත් ජයවර්ධන පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 174ක අනගි සබඳතාවක් ගොඩනැඟූ අතර ඉන්දීය පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ සිනෙත්, හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමගින් පන්දු 70කදී වේගවත් ලකුණු 105ක් රැස් කිරීමට සමත්කම් දැක්වුවා.

සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයක් - අදත් මි.මී. 100 ට වැඩි තද වැසි - 1න් පසු තත්ත්වය දරුණුයි

සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයක් - අදත් මි.මී. 100 ට වැඩි තද වැසි - 1න් පසු තත්ත්වය දරුණුයි

එමෙන්ම සිනෙත්ගේ දැවී යෑමෙන් පසු ඉනිමේ වගකීම කරට ගත් ලසිත් කෘෘස්පුල්ලේ, ශ්‍රී ලංකා ලකුණු පුවරුව 35 වැනි පන්දුවාරය වනවිට ලකුණු 265 දක්වා ඉහළට ඔසවා තැබුවා.

සිය ඉනිම හතරේ පහර 12කින් සහ හයේ පහර 3කින් සරසා ගත් කෘෘස්පුල්ලේ, ලකුණු 116කට දැවී ගිය අතර, එය ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය අවසන් කඩුල්ල ද වූවා.

ඉන් පසු පිටියට එක් වූ නායක පවන් රත්නායක සහ නිශාන් මධුෂ්ක, තරගයේ ජයග්‍රහණය තහවුරු කරන තෙක්ම නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර එහිදී නිශාන් මධුෂ්ක නොදැවී ලකුණු 58ක් රැස් කළ අතර, නායක පවන් රත්නායක පන්දු 16කදී වේගවත් ලකුණු 31ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය කඩිනම් කිරීමට සමත් විය.

මූලික වටයේදී පාකිස්තානය හමුවේ ද පරාජයට පත් වූ ඉන්දීය 'A' කණ්ඩායමට මෙම පරාජයත් සමඟ තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, සියලු තරග ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා 'A' කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසීමට සමත් විය. 

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

අද ණය දුන්නොත් දුන්නම තමයි - මේ ලග්න හිමියන් අද මුදල් ගනුදෙනුවලදී බෙහෙවින් ප්‍රවේශම් විය යුතුයි

අද ණය දුන්නොත් දුන්නම තමයි - මේ ලග්න හිමියන් අද මුදල් ගනුදෙනුවලදී බෙහෙවින් ප්‍රවේශම් විය යුතුයි