පොලිස් ස්ථානවලට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කරමින් චක්‍රලේඛයක්? ආරක්ෂක ඇමති රටටම ඇත්ත නැත්ත පහදයි
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් මහජනතාවට තම ජංගම දුරකථන පොලිස් ස්ථාන තුළට රැගෙන යාම වැළැක්වීමට කිසිදු සීමාවක් නොමැති බව පැහැදිලි කර ඇති බව සඳහන්.
ඒ අනුව අද (27) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා, පොලිස් ස්ථානවලට පැමිණෙන විට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර සිටියා.
එහිදී විජේපාල මහතා සඳහන් කළේ එවැනි චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බවත් මහජනතාවට තම ජංගම දුරකථන රැගෙන පොලිස් ස්ථානවලට ඇතුළු වීමට නිදහස ඇති බවත්ය. ඔහු මේ බව කියා ඇත්තේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
ප්‍රබල කුණාටු තත්ත්වයක් - රටේ ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා - දරුණු වෙන කාලගුණය හමුවේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කරයි
එසේම පොලිස් රැඳවුම් කුටිවල රඳවා සිටින පුද්ගලයින්ට ජංගම දුරකථන භාර දීමට උත්සාහ කරන විට යම් යම් සීමාවන් අදාළ විය හැකි බව ද අමාත්‍යවරයා පැහැදිලි කර ඇත.
එබඳු තත්ත්වයන් හැරුණු විට, මහජනතාවට පොලිස් ස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන යාමට කිසිදු සීමාවක් නොමැති බව ඔහු යළිත් අවධාරණය කර ඇත.