බස් රථයේදී මුදල් පසුම්බිය සොරාගෙන ATM කාඩ්පතෙන් භාණ්ඩ ගත් සැකකරු සොයා හැටන් පොලිසිය මහජන සහාය පතයි

Report

කොළඹ සිට හැටන් බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක ගමන් කළ මගියෙකුගේ මුදල් පසුම්බිය සොරාගෙන, එහි තිබූ ATM කාඩ්පත භාවිත කර භාණ්ඩ මිලදී ගත් බව කියන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.

පසුගිය 26 වැනිදා අදාළ බස් රථය ගිනිගත්හේන ප්‍රදේශය හරහා ධාවනය වෙමින් තිබියදී එයට ගොඩවූ පුද්ගලයෙකු, මුදල් පසුම්බියේ හිමිකරු අසල අසුන්ගෙන ඔහුගේ සාක්කුවේ තිබූ මුදල් පසුම්බිය සොරාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

එම පසුම්බියේ තිබූ රුපියල් 18,000ක මුදල ලබාගත් සැකකරු, එහි තිබූ ATM කාඩ්පත භාවිත කර හැටන් - දික්ඔය නගරයේ පිහිටි සුපිරි වෙළෙඳසලකින් ආහාර ද්‍රව්‍ය මිලදී ගෙන තිබේ.

එදින පෙරවරු 11.30ට පමණ සිදුව ඇති මෙම ගනුදෙනුවේදී රුපියල් 3,000කට ආසන්න වටිනාකමකින් යුත් ආහාර ද්‍රව්‍ය මිලදී ගෙන ඇති බව සඳහන් වේ. බස් රථය හැටන් නගරයට ළඟා වූ පසු තම මුදල් පසුම්බිය අස්ථානගත වී ඇති බව දැනගත් එහි හිමිකරු ඒ පිළිබඳව වහාම බස් රථයේ කොන්දොස්තරවරයා දැනුවත් කර තිබේ.

මේ අතර, තම ATM කාඩ්පත භාවිත කර භාණ්ඩ මිලදී ගෙන ඇති බවට ලැබුණු කෙටි පණිවුඩය අනුව ක්‍රියාත්මක වූ පසුම්බියේ හිමිකරු, සිය බැංකු කාඩ්පත වහාම අක්‍රිය කිරීමට පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිස් ස්ථානයේ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, සැකකරු පිළිබඳ තොරතුරක් දන්නා පුද්ගලයන් වෙතොත් පහත දුරකථන අංක ඔස්සේ පොලිසිය දැනුවත් කරන ලෙස ඉල්ලා තිබේ.

සැකකරු පිළිබඳ තොරතුරු ලබාදිය හැකි දුරකථන අංක - හැටන් මූලස්ථාන පොලිස් පරීක්ෂක - 071 859 1117 හැටන් පොලිස් ස්ථානය: 051 222 2222 සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.  

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

GalleryGalleryGalleryGalleryGalleryGallery