චීන රජයට අත්‍යවශ්‍යව සිටි චීන ජාතිකයන් පස්දෙනෙකු මෙරටින් පිටුවහල් කෙරේ

Report

චීන රජයට අත්‍යවශ්‍යව සිටි චීන ජාතිකයන් පස්දෙනෙකු මෙරට විවිධ ප්‍රදේශවල සැඟවී සිටියදී චීන රජයේ දැනුම්දීම මත ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (26) රාත්‍රියේ පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ආගාමික සහ විගාමික පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටියදී අත්අඩංගුවට ගත් මෙම පිරිස වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිට ඇත. චීනය බලා පිටත්වන ගුවන් යානා දෙකකින් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් 08 දෙනෙකුගේ රැකවරණය යටතේ මොවුන් පිටුවහල් කර තිබේ.

නාමල් රාජපක්ෂගේ එයාර්බස් අල්ලස් නඩුවේ තීරණාත්මක හැරවුමක් - යුසර් කලීල් සාක්ෂි දීමට සූදානම්

නාමල් රාජපක්ෂගේ එයාර්බස් අල්ලස් නඩුවේ තීරණාත්මක හැරවුමක් - යුසර් කලීල් සාක්ෂි දීමට සූදානම්

ඒ අනුව, පළමු චීන ජාතිකයන් තිදෙනා ආගමන විගමන නිලධාරීන් 05 දෙනෙකු සමඟ ඊයේ (26) රාත්‍රී 08.50ට චයිනා ඊස්ටර්න් ගුවන් සේවයේ එම්.යූ.-6018 (MU-6018) දරන ගුවන් යානයෙන් ෂැංහයි නුවර බලා පිටුවහල් කර ඇත.

AI තාක්ෂණය නිසා රැකියා අහිමිවීමක් - ඉන්ධන සංස්ථාවේ සේවකයින් 1,200කට වැඩි පිරිසක් අඩු වෙයි

AI තාක්ෂණය නිසා රැකියා අහිමිවීමක් - ඉන්ධන සංස්ථාවේ සේවකයින් 1,200කට වැඩි පිරිසක් අඩු වෙයි

ඉතිරි චීන ජාතිකයන් දෙදෙනා ආගමන විගමන නිලධාරීන් තිදෙනෙකු සමඟ ඊයේ රාත්‍රී 10.25ට එයාර් චයිනා ගුවන් සේවයේ සී.ඒ.-426 (CA-426) දරන ගුවන් යානයෙන් චීනයේ චෙංඩු නුවර බලා පිටුවහල් කිරීමට කටයුතු කර තිබුණි.