ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් - දිවයින පුරා සියලුම මට්ටම්වල ක්‍රිකට් ක්‍රීඩකයින්ට තම මව් භාෂාවෙන් ක්‍රිකට් නීති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාවේ නීති, සිංහල සහ දෙමළ භාෂාවලට පරිවර්තනය කර හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙය ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සම්පාදනය කිරීමේ වගකීම දරන Marylebone Cricket Club (MCC) ආයතනය සමඟ එක්ව සිදු කරන බව සඳහන්.
එමඟින් දිවයින පුරා සියලුම මට්ටම්වල ක්‍රිකට් ක්‍රීඩකයින්ට තම මව් භාෂාවෙන් ක්‍රිකට් නීති අධ්‍යයනය කිරීමට අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.
එසේම විනිසුරුවරුන්, තරග නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශ්වයන්ටද ක්‍රීඩාවේ නීති පිළිබඳ අවබෝධය වර්ධනය කර ගැනීමට මෙම වැඩසටහන උපකාරී වනු ඇති බව පවසයි.
මා වෙනුවෙන් හෝ මේ රටේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් හෝ කතා කිරීමට ඔබට වරමක් නැත.. ලංකාව ගැන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට හිටපු අමාත්‍ය අලි සබ්රිගෙන් විශේෂ සටහනක්
මෙම පරිවර්තන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සිදුකළ ඉල්ලීමකට අනුව බව සඳහන්.
එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිසුරු පුහුණුකරුවන් විසින් දිවයිනේ පළාත් නවයම ආවරණය වන ලෙස සිංහල සහ දෙමළ භාෂාවලින් විනිසුරුවරුන් පුහුණු කිරීම, ඇගයීම සහ මගපෙන්වීමට මෙම පරිවර්තන භාවිත කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ ඔස්සේ ක්‍රිකට් විනිසුරු ක්ෂේත්රයට පිවිසීමට අපේක්ෂා කරන කාන්තාවන්ට සහ පිරිමින්ට වැඩි අවස්ථා හිමිවනු ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.
මෙම පරිවර්තන ව්‍යාපෘතිය, 1787 වසරේ සිට ක්‍රිකට් ක්‍රීඩාවේ නීති භාරකාරත්වය දරන MCC ආයතනයේ අනුමැතිය යටතේ අවසන් කර ඇති අතර මෙම වැඩසටහන නිල ලෙස හඳුන්වා දීම අද (23) දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී සිදුකර ඇති බව වාර්තා වේ.
සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි
ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි, MCC ආයතනයේ ක්‍රිකට් ප්‍රධානී ෆ්රේසර් ස්ටුවර්ට් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිසුරු අධ්‍යාපන ජ්‍යෙෂ්ඨ කළමනාකරු ලින්ඩන් හැනිබල් සහභාගී වූ බව සඳහන්.
එසේම ක්‍රිකට් නීතිවල මෑතකදී සිදුකළ වෙනස්කම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන් වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වීමටද සැලසුම් කර ඇත.