ජනපති අනුරගේ වැය ශීර්ෂය මෙන්න රනිල්ට වඩා 72%කින් වැඩියිලු

Report

2026 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් 26 වන දා වැඩ බලන මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

තාජූඩින්ගේ නඩුවට රාජපක්ෂලා පුතාව මෙහෙයවනවා එයාට දැනුමක් නෑ කජ්ජාගේ බිරිද ආයෙත් වමාරයි

තාජූඩින්ගේ නඩුවට රාජපක්ෂලා පුතාව මෙහෙයවනවා එයාට දැනුමක් නෑ කජ්ජාගේ බිරිද ආයෙත් වමාරයි

ඒ අනුව අයවැය ඉදිරිපත් කිරීමේ පළමු පියවර වන මෙය, තුන්වරක් කියවීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර හඳුන්වන්නේ විසර්ජන පනත් කෙටුම්පත ලෙස වේ.

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ වැඩබලන මුදල් අමාත්‍යවරයා වන අතර එයට හේතුව වන්නේ මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ වන විට විදේශගතව සිටිමයි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පළමු අයවැය වූ 2025 අයවැයේදී ඔහු සිදු කළ ප්‍රමුඛ කාර්යයක් වූයේ 2024 වසරට සාපේක්ෂව ජනාධිපති වැය ශීර්ෂය හරි අඩකින් පමණ අඩු කිරීම ය.

මහින්ද රාජපක්ෂට විජේරාමේ කොස්සවත් ඕනේ නෑ හදිසියේම විජේරාමෙට පැන්න ජනාධිපති කාර්යාලේ නිලධාරීන්

මහින්ද රාජපක්ෂට විජේරාමේ කොස්සවත් ඕනේ නෑ හදිසියේම විජේරාමෙට පැන්න ජනාධිපති කාර්යාලේ නිලධාරීන්

කෙසේවෙතත් 2025ට සාපේක්ෂව ආසන්න වශයෙන් තුන්ගුණයකින් පමණ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඉහල ගොස් තිබේ. එය 2024 වසරේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට සාපේක්ෂව 72%ක පමණ වැඩි වීමකි.

අග්‍රමාත්‍ය වැය ශීර්ෂය 2025 අයවැයට සාපේක්ෂ ව අඩු වී ඇති අතර වැඩි ම මුදලක් වෙන් ව තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ධුරය දරන මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයටයි. ඒ අනුව අග්‍රමාත්‍ය වැය ශීර්ෂය මුදල රු. බිලියන 634.78ක් වන අතර දෙවනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට ද , තෙවනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහා ද මුදල් වෙන්ව ඇති අතර, ජනාධිපතිවරයා විසින් ම අමාත්‍ය ධුරය දරනු ලබන ආරක්ෂක අමාත්‍යංශයට රු. බිලියන 455ක් වෙන්ව තිබේ.

මහින්දගේ වාහන දෙකෙන් එකක් අද භාර දෙයි

මහින්දගේ වාහන දෙකෙන් එකක් අද භාර දෙයි