මහින්ද රාජපක්ෂට විජේරාමේ කොස්සවත් ඕනේ නෑ හදිසියේම විජේරාමෙට පැන්න ජනාධිපති කාර්යාලේ නිලධාරීන්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජීවත් වූ විජේරාම නිවස පරීක්ෂා කිරීමට ජනාධිපති කාර්‍යාලයෙන් පිරිසක් පැමිණ ඇත.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?
මේ පිලිබදව අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පැවසුවේ මහින්ද රාජපක්ෂට විරුද්ධව අපහාසාත්මක මඩ ප්‍රචාර සිදු වන බවයි.
ඔහු පවසන ආකාරයට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විසින් විශාල බොරුවක් රටට කී බවයි.එනම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් තවමත් විජේරාම නිල නිවස සති ගාණක් වීත් තවම භාර නොදුන් බව පැවසීමයි. එසේ වීමට හේතු ඇති බවත් අනවශ්‍ය ලෙස රට හා රටේ ජනතාව නොමග යැවීමට මෙලෙස බොරු ප්‍රචාරය කරන බවත්ය.නිවස තුල රාජ්‍ය දේපල සහ ජනාධිපති අගමැති කාර්‍යාල වලට අයත් දේපල ඇත.ඒ නිසා අදාල නිලධාරීන්ට පැමිණ ඔවුන්ට අයිති භාණ්ඩ සලකුණු කරන මෙන් දැනුම් දුන් බවත් එම නිලධාරීන්ගේ පැමිණීම ප්‍රමාද වීම යන හේතුව මත නිවස තවම භාර දීමට නොහැකි වූ බවත්ය.
මෙම කටයුතු විනිවිදභාවයකින් සිදු කිරීමට ඉහත කී වැඩකටයුතු ඔවුන් සිදුකල බවයි.නමුත් අද උදෑසන රාජ්‍ය ප්‍රවෘත්ති දේපාර්තුමේන්තුව වීඩියෝ ගත කිරීමට පැමිණියා.නමුත් මෙලෙස නිවස භාර නොදී සිටීමට හේතුව නිලධාරීන්ගෙ ප්‍රමාදයයි.නමුත් මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කිරීම සදහා මොවුන් මෙලෙස ක්‍රියා කරන බවයි. එම නිසා ඉක්මනින් බලධාරින් පැමිණ ඔවුන්ට අදාල භාණ්ඩ ලබා ගන්නා ලෙසත්ය. පසුව ඔහු පවසා සිටියේ ජනාධිපති කාර්‍යාලයේ නිලධාරීන් සහ පරිපාලන නිලධාරීන් පිරිසක් විසින් අදාල භාණ්ඩ සදහා සටහන් යොදමින් සිටින බවයි.