මුළු රටම ආදරේ කරන ජනප්‍රිය යුවළ - පියත්ගේ උපන්දිනේට සඳනිගෙන් මුහුණු පොතට අපූරු සටහනක් සටහනක්
By Kanchana
සදනි ෆර්නෑන්ඩෝ කියන්නේ ලංකාවම දන්න සුරූපී තරුවක්නේ . පියත් රාජපක්ෂ කියන්නේ කියන්නේ ලාංකීය හදවත් වලට අපූරු හඩින් ගී ගායනා කරලා ප්‍රේක්ෂක ආදරය නොමදව දිනාගත්තු ගායකයෙක්නේ .
මේ දෙන්නගෙ පෙම් පළහිලව්ව ගැන නොදන්න කෙනෙක් නැති තරම්නේ .
ඉතිං සිංදුවක රූප රචනාවකින්ම හමුවුණ ඒ දෙන්නගේ ආදරේට මුලු රටක් ආදරේ කරනවා . ඔන්න ඊයේ දිනයට පියත්ගේ උපන්දිනය යෙදිලා තිබුණා .
ඔයාලත් බලන්නකෝ සදනි දාල තිබ්බ සටහන
සුභ උපන්දිනයක් වේවා මගේ සුපිරි තරුව ✨❤️
ඔබ අද සිටින තැන ගැනත්, ඔබ දිනෙන් දින පත්වෙමින් සිටින අපූරු පුද්ගලයා ගැනත් මට තියෙන්නේ නිමක් නැති ආඩම්බරයක්.
♥️ ඔබේ ජීවිතයේ හැම සිහිනයක්ම සැබෑ වේවා. හැමදාමත් මේ වගේම බැබළෙන්න… ✨🫂❤️