කෙටි කලක් තුළ ලංකාවට සතුටුදායක ආරංචියක්..
Sri Lanka
By Aruna
ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රේෂණ ලැබීම සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි ලංකා බැංකුවේ ජාත්‍යන්තර භාණ්ඩාගාර හා ආයෝජන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර් එම් එන් ජීවන්ත මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, නීතිවිරෝධී ක්‍රම ඔස්සේ විදෙස් මුදල් මෙරටට පැමිණීම අඩුවී ඇති බවයි.
රටට අත්‍යවශ්‍ය භාණ්ඩ සැලකියයුතු මට්ටමකින් හෝ ආනයනය කිරීමට හැකිවී ඇත්තේ ඒ හේතුවෙන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර දෙසැම්බර් මාසයේ පළමු දින 20 තුළ දී විදෙස් සංචාරකයින් 50,375 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව හය ලක්ෂ 78,392 ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |