ශ්‍රී ලංකාව ගැන ලොව ප්‍රබල රටකින් අනතුරු ඇඟවීමක්...ලංකාව ගැන හෙළිකළ දේ මෙන්න..
රජය විසින් ගනු ලැබූ අසාර්ථක ප්‍රතිපත්ති තීන්දු හා තීරණ රට ආර්ථික අර්බුදයකට ඇද දැමීමට හේතුවූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.
එහි පර්යේෂණ අධ්‍යක්‍ෂ සුභාෂිණී අබේසිංහ පැවසුවේ, මේවනවිට වෙලඳපලේ පවතින කඩාවැටීම හේතුවෙන් ඉදිරියේදී භාණ්ඩ හා සේවාවන්හි මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.
ආර්ථීක අර්බුදයත් සමග දැනට ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව අයහපත් බව ද ඇය සඳහන් කළා.
දේශපාලන වාසි වෙනුවෙන් බදු සම්බන්ධයෙන් තීරණ ගැනීම නිසා ජනතාවට සහන සැලසීමට රජය සතුව මුදල් නොමැති බවයි වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්‍ෂ සුභාෂිණී අබේසිංහ මහත්මිය සඳහන් කළේ.
මේවනවිට රටතුළ පවතින උද්ධමනයට හේතුව රාජ්‍ය වියදම වැඩිවීම පමණක් නොව රාජ්‍ය ආදායම අඩුවීම බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
රට තුළ දැනට පවතින උද්ධමනය කළමනාකරණය කර ගනිමින් මෙරට ණය ශ්‍රේණීගත කිරීම ඉහළ දමා ගැනීම මේවනවිට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය බවයි වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්‍ෂ සුභාෂිණී අබේසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ.
විනිමය අනුපාත නිදහසේ තීරණයවීමට ඉඩ හැරීම හේතුවෙන් ඉදිරියේදී මෙරට උද්ධමනය තවදුරටත් ඉහළ යා හැකි බවයි මීට පෙර ප්‍රකාශ කෙරුණේ.
ඉකුත් මාසයේ මෙරටින් වාර්තා වූ සියයට 16.8 ක උද්ධමන අගය ආසියානු කලාපයේ ඉහළම උද්ධමන අගය බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දුන්නේ.
මේ අතර කලාපීය වශයෙන් සලකා බැලීමේදී ඉන්දියාවේ පවතින උද්ධමනය සියයට 6 යි දශම එකක්. බංග්ලාදේශයේ සියයට 5.86 ක සහ පකිස්තානයේ සියයට 12.1ක උද්ධමන අගයක් පෙබරවාරි මාසයේ වාර්තා කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය රජය එරට පුරවැසියන්ව දැනුවත් කර ඇති බව gov.uk වෙබ් අඩවිය වාර්තා කරනවා.
ඖෂධ, ඉන්ධන සහ ආහාර ඇතුළු මූලික අවශ්‍යතා හිඟයක් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් ඇති බවයි එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල් සහ ෆාමසි ආශ්‍රිත දිගු පෝලිම් තිබිය හැකියි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ විදුලි කප්පාදුවක් ද සිදුවන බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් ඉහත කරුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසටද බ්‍රිතාන්‍යය වැසියන්ගෙන් එරට රජය ඉල්ලා සිටින බවයි gov.uk වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
මෙවැනි තත්ත්වයක් තුළ මෙරට ජනතාව මේ වන විට දැඩි අපහසුතාවයන්ට ලක්ව ඇති බව රට පුරා විවිධ ප්‍රදේශ වලින් වාර්තා වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |