වෛද්‍යවරු දෙපැත්තක - කට්ටියක් වර්ජනය කරද්දී කට්ටියක් වැඩලු

Report

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ තම සංගමයේ කිසිදු වෛද්‍යවරයෙකු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත නොවන බවයි. සිය සංගමයේ සාමාජිකයින් හෙට (02) දිනයේත් සාමාන්‍ය පරිදි සිය රාජකාරී කටයුතු සිදුකරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වාර්තා කර ඇත්තේ ඉල්ලීම්වලට රජය විසින් යහපත් ප්‍රතිචාර ලබා නොදීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දිනයේ සිට සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තීවෘ කරන බවයි.

ඉදිරි පැය 36 රටට මේකයි වෙන්නේ - අවදානෙන් ඉන්න

ඉදිරි පැය 36 රටට මේකයි වෙන්නේ - අවදානෙන් ඉන්න

හෙට දිනයේ සිට දිවයින පුරා රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේය.

නමුත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා සඳහන් කළේ සිය සංගමයේ කිසිදු සාමාජිකයෙකු මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා එක් නොවන බවය.  

කාන්තාවන් වෙනුවෙන් අලුත්ම නීතියක් - අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්වේ

කාන්තාවන් වෙනුවෙන් අලුත්ම නීතියක් - අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්වේ