බොරැල්ලේ හෙට විශේෂ රථවාහන සැලැස්මක්

Report

හෙට (07) දිනයේදී බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන්ගේ පූජක දිවියේ 50වන ජුබිලි මහෝත්සවය වෙනුවෙන් කොළඹ අගරදගුරු මැදුරේදී ප්‍රභූවරුන් ඇතුළු ආරාධිතයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්සවයක් හේතුවෙන් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කළේය.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

ඒ අනුව, රථවාහන තදබදය අවම කිරීම සඳහා හෙට (07) සවස 3.00 සිට රාත්‍රී 9.00 දක්වා බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙස, කිංසි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා බර වාහන ඇතුළුවීම සීමා කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

බංග්ලාදේශයට පරාජයට හේතුව පිතිකරුවන්ගේ අසාර්ථකත්වයයි - ජනිත් ලියනගේ

බංග්ලාදේශයට පරාජයට හේතුව පිතිකරුවන්ගේ අසාර්ථකත්වයයි - ජනිත් ලියනගේ