යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිගෙන් විශේෂ ප්‍රකාශයක්

Report

යුක්‍රේනය සහ රුසියාව අතර එළඹෙන බදාදා (23) තුර්කියේ ඉස්තාන්බුල්හිදී නව සාම සාකච්ඡා වටයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත.

ජනාධිපති සෙලෙන්ස්කි සඳහන් කළේ, තමන් යුක්‍රේන ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී සමඟ සිරකරුවන් හුවමාරුවක් සඳහා සූදානම් කිරීම සහ රුසියානු පාර්ශවය සමඟ ඉස්තාන්බුල්හිදී තවත් රැස්වීමක් පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කළ බවයි.

අගරදගුරු ගැන බොරු කී බිමල් අත්අඩංගුවට.. - රහස් පොලිසිය ක්‍රියාත්මක වෙයි

අගරදගුරු ගැන බොරු කී බිමල් අත්අඩංගුවට.. - රහස් පොලිසිය ක්‍රියාත්මක වෙයි

කෙසේ වෙතත්, ඉස්තාන්බුල්හි පැවැත්වීමට නියමිත මෙම සාම සාකච්ඡා සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් නිල වශයෙන් කිසිදු අදහස් ප්‍රකාශ කර නොමැති බව ජනාධිපති සෙලෙන්ස්කි වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර, තුර්කියේ බලධාරීන් නිවේදනය කර ඇත්තේ, එළඹෙන බදාදා රුසියාව සහ යුක්‍රේනය අතර සාම සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

කෝපිකඩේ අධ්‍යක්ෂ සුදම් දයාරත්න අභිරහස් ලෙස ජීවිතක්ෂයට, බිරිඳ දොර කඩලා මියගිය සැමියා සොයාගෙන

කෝපිකඩේ අධ්‍යක්ෂ සුදම් දයාරත්න අභිරහස් ලෙස ජීවිතක්ෂයට, බිරිඳ දොර කඩලා මියගිය සැමියා සොයාගෙන

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ඉස්තාන්බුල්හිදී පැවැත්වෙන මෙම සාකච්ඡාවලදී සිරකරුවන් හුවමාරු කිරීමට අමතරව, යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් අතර හමුවක්ද සිදුවිය හැකිය.

දේශබන්දු කතාවට නව හැරවීමක් - අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

දේශබන්දු කතාවට නව හැරවීමක් - අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි