ඉල්ලපු විදිහටම වත්කම් - බැරකම් හෙළි නොකරපු මේ රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවේදනයක්

Report

ඉකුත් අගෝස්තු මස 31 වැනිදාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ දී නොමැති වත්මන් හා විශ්‍රාමික නිලධාරින්ට විරුද්ධව නඩු පවරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ැති බව වාර්තා වේ.

එසේම අගෝස්තු මස 31 වැනිදායින් පසුව එවා තිබෙන වත්කම්, බැරකම් ප්‍රකාශ ආපසු හරවා යවන ලෙසද දැනුම් දෙනු ලැබ ඇති බව සඳහන්.

මේ ලග්නවලට අද අත ගහන හැම වැඩක්ම සාර්ථකයි, කිරි පැණි ඉතිරිලා ඉහළටම යන තරමට සුබයි

මේ ලග්නවලට අද අත ගහන හැම වැඩක්ම සාර්ථකයි, කිරි පැණි ඉතිරිලා ඉහළටම යන තරමට සුබයි

එමෙන්ම අඳාළ ලිපියේ එලෙස ප්‍රකාශ ලබා දී නොමැති නිලධාරින් අවසන් වරට ගත් මාස දොළහක දළ වැටුප්වලට සමාන දඩ මුදලකට හෝ අවුරුද්දකට නොවැඩි බන්ධනාගාරගත කිරීමකට හෝ දඩ මුදල හා බන්ධනාගාර ගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතු බවත්, එම ලිපියේ දක්වා තිබෙනවා.

මෙසේ දඬුවම් නියම කෙරෙන්නේ දූෂණ විරෝධී පනත අනුවයි.

තවද එම ලිපියේ නඩු පැවරීමෙන් අනතුරුව යම් අවස්ථාවකදී එම ප්‍රකාශ භාරදීමට වන බව ආයතන ප්‍රධානීන් අදාළ නිලධාරින්ට දැනුම් දිය යුතු බව ද සඳහන්.

අඳාළ ලිපිය ඉකුත් 16 වැනිදා යවා ඇත්තේ එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එස්.ඒ. දිසානායකගේ අත්සනිනි.

එසේම මෙම වසරට අදාළ වත්කම්, බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිත වූයේ ඉකුත් ජුනි මස 30 වැනිදාට පෙර දී යි.

ඒ සඳහා දඩ මුදලක් සමග එම ප්‍රකාශ දීමට සහන කාලයක් වශයෙන් ජූලි මස පළමුවැනිදා සිට අගෝස්තු මස 31 වැනිදා දක්වා කාලය ලබා දී තිබුණා.

වාහන ගැන සතුටු හිතෙන ආරංචියක්, වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක ආදායමක්

වාහන ගැන සතුටු හිතෙන ආරංචියක්, වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක ආදායමක්

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ