ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

By Zara Apr 18, 2025 12:00 PM GMT
Report

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ ඊශ්‍රායලයේ පැවැත්වෙන සිංහල අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් වන ලෙසය.

අද (18) උදෑසන යෙමනයේ හවුති ත්‍රස්ත සංවිධානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කොට එල්ල කරන ලද මිසයිල ප්‍රහාර ගණනාවක් සාර්ථක ලෙස අක්‍රීය කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සමත්වූ බැවින් යෙමනයේ හවුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ල කළ හැකි බව එහි සඳහන් කර තිබෙනවා.

ඒ අනුව හෙට (19) සිට 26 වැනිදා දක්වා එරට ප්‍රදේශ කිහිපයක අවුරුදු උත්සව ඇතුළු විවිද ඉසව් සංවිධානය කර ඇති බැවින් මේ සම්බන්ධව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා තිබෙනවා.

හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට කොන්දේසියක්

හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට කොන්දේසියක්

වැලිකඩදී මිය ගිය නිමේෂ් ගැන අධිකරණයෙන් දුන් නියෝග

වැලිකඩදී මිය ගිය නිමේෂ් ගැන අධිකරණයෙන් දුන් නියෝග