හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට කොන්දේසියක්

Israel Palestine World Israel-Hamas War
By Hashini Apr 18, 2025 08:13 AM GMT
Hashini

Hashini

Report

හමාස් සංවිධානය පවසන්නේ ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් සියලු ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට සූදානම් බවයි.

ඒ ඊශ්‍රායලයේ සිරගත කර සිටින සියලු පලස්තීනුවන් ද නිදහස් කරන ලෙස ගනුදෙනුවක් අවශ්‍ය බව පවසමින් ය.

හමාස් නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන ඛලීල් අල්-හයියා පැවසුවේ ඊශ්‍රායලය ඉදිරිපත් කරන කෙටි සටන් විරාම ගිවිසුම් සදහා තමන් එකඟ නොවන බවයි.

ඔහු මේ බව පැවසුවේ රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින්.

ගාසා යුද්ධය අවසන් කිරීම, ඊශ්‍රායලය විසින් සිරගත කරන ලද පලස්තීනුවන් නිදහස් කිරීම සදහා සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සූදානම් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් දේශපාලන කටයුතු වෙනුවෙන් කෙටිකාලීන සටන් විරාම ගිවිසුම් භාවිතා කරන බවත් හමාස් කණ්ඩායම් ප්‍රධානියා පැවසුවා. 

යුක්‍රේන ජනපතිගෙන් චීනයට චෝදනා

යුක්‍රේන ජනපතිගෙන් චීනයට චෝදනා

ReeCha