පෙට්‍රල් සහ ඩීසල් සම්බන්ධයෙන් ලංකා IOC සමාගමෙන් විශේෂ දැනුම් දීමක්.
By Wayomi
පෙට්‍රල් සහ ඩීසල් සම්බන්ධයෙන්, ලංකා ඉන්දියානු තෙල් සමාගමෙන් (LIOC) ඇනවුම් කරන ලද ඩීසල් සහ පෙට්‍රල් පිළිබඳව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ, අනුව ඔවුන් ජනතාවට දැනුම් දෙන්නේ, පෙට්‍රල් සහ ඩීසල් සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඩීසල් සහ පෙට්‍රල් 92 තොගයක් රැගත් එම්.ටී. ෆොස් පවර් නෞකාව පසුගිය නොවැම්බර් 5 වනදා අලුයම කොළඹ වරායට සේන්දු වී ඇති බවයි.
එමෙන්ම එහි තිබූ පෙට්‍රල් 92 රසායනාගාර පරීක්ෂාවේදී ප්‍රමිතියට අනුකූල බව සහතිකවීමෙන් පසු ගොඩබෑමට අවසර දී ඇති අතර ඩීසල් තොගයේ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුවෙන බැවින් එහි ප්‍රතිඵලය අනුව ඒවා ගොඩබෑම කෙරෙහි තීරණය කිරීමට නියමිතයි.
අදාළ නිවේදනය පහතින්,
