මුහුදුබඩ දුම්රිය ගමනාගමන ගැන විශේෂ දැනුම්දීමක්

Report

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු කොළඹ සිට වැලිගම දක්වා සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊයේ (21) පස්වරු 02.05ට මාතර සිට මරදාන දක්වා ධාවන වූ මන්දගාමී දුම්රියක් කඹුරුගමුව හා වැලිගම දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්ව තිබුණි.

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ඒ අනුව දුම්රිය කාර්යමණ්ඩලය නැවත පීලිගත කිරීම සිදු කළ නමුත් එම දුම්රිය නැවතත් එම ස්ථානයේම පීලි පැනීමට ලක්ව ඇත.

ඒ අනුව යළිත් පීලිගත කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බැවින් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කොළඹ සිට වැලිගම දක්වා සීමා කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

පූජනීය තිරුපති කෝවිලය අවුරුදු පහක් අපවිත්‍ර වූ ලඩ්ඩු කෝටි 20ක් බෙදලා

පූජනීය තිරුපති කෝවිලය අවුරුදු පහක් අපවිත්‍ර වූ ලඩ්ඩු කෝටි 20ක් බෙදලා