අද පාසල් යන හැමෝටම විශේෂ දැනුවත්කිරීමක් - ආයෙත් නිවාඩු ගොඩක්
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් මේ වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (16) දිනයේ සිට ආරම්භ වේ.
ඒ අනුව තෙවන වාරයේ දෙවන අදියර අද දිනයේ සිට එළඹෙන 22 වන සඳුදා තෙක් පැවැත්වීමට නියමිත අතර නැවත 23 වන දින සිට 28 වන දින දක්වා පාසල් නිවාඩු ලබා දී ඇත.
එසේම තෙවන පාසල් වාරයේ තෙවන අදියර දෙසැම්බර් 29 වන දින සිට දෙසැම්බර් 31 දින තෙක් පැවැත්වීමට නියමිත අතර 2026 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වාරය ජනවාරි මස පළමුවන සඳුදා දින සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් සඳහා විභාග පැවැත්වීමට ජනවාරි මස 10 වන දින සිට 20 වන දින තෙක් පාසල් නිවාඩු ලබාදීමට නියමිතව ඇත.
ඒ අනුව 2026 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ජනවාරි මස 21 වන දින සිට පෙබරවාරි මස 13 වන දින තෙක් පැවැත්වෙන අතර පෙබරවාරි 14 වන දින සිට මාර්තු මස 2 වන දින දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් නිවාඩු ලබාදීමට නියමිතයි.
එසේ වුවත් අද දිනයේ පළාත් තුනක පාසල් 640ක් ආරම්භ නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
එසේම අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් මෙසේ ආරම්භ නොකෙරෙන බවයි.
එමෙන්ම ආපදාවෙන් පීඩාවට පත් ප්‍රදේශවල සිටින පාසල් ළමුන් වෙනුවෙන් මේ වසරේ ඉදිරි කාලසීමාව සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයන බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.
එහි සභාපති සංජීව නන්දන කනකරත්න මහතා පැවසුවේ අදාළ ප්‍රදේශවල පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
එසේම අද දිනයේ සිට ආරම්භ වන තෙවන පාසල් වාරයේ ඉදිරි දින සඳහා පාසල් ළමුන්ට ගමන් පහසුව සැලසීම වෙනුවෙන් අමතර දුම්රියන් කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය, පුත්තලම මාර්ගය සහ කැලණිවැලි මාර්ගය යන මාර්ගවල මෙම අමතර දුම්රියන් ධාවනය කිරීමට නියමිත අතර නොවැම්බර් මස දුම්රිය පාසල් වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් දෙසැම්බර් මාසය තුළ දුම්රියෙන් ගමන් කිරීමට පාසල් ළමුන්ට අවශ්‍ය විධිවිධාන සපයා ඇති බවයි.