විපක්ෂ නායකයන්ගේ විශේෂ හමුවක් අද
විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන්ගේ විශේෂ හමුවක් අද(26) පැවැත්වීමට නියමිතය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී හෙට පස්වරු 1.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම හමුවේදී විශේෂයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.