සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ජනවාරිවල විශේෂ වැඩක්

Report

ආපදාවට ලක් වූ පාසල් 147ක හැර සෙසු සියලු පාසල් හා පිරිවෙන්වල තෙවැනි වාරයේ දෙවැනි අදියර අද (16) දින ආරම්භ කරයි.

ඒ අනුව ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල සිසුන්ට, ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට නිල ඇඳුම අනිවාර්ය නොවන අතර, පහසු ඇඳුමකින් සැරසී පැමිණිය හැකි බවට දැනුවත් කර තිබුණා.

එසේම ආරම්භ නොකරන පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ආසන්නතම කොට්ඨාස හෝ කලාප අධ්‍යාපන කාර්යාලවලට වාර්තා කළ යුතු වේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව චක්‍රලේඛයක් මඟින් ඔවුන් අවශ්‍යතාව මත ළඟම ඇති පාසල් වෙත අනුයුක්ත කරන ලෙසට උපදෙස් දී තිබෙනවා. තවද වාර විභාග පැවැත්වීමකින් තොරව සිසුන් ඊළඟ ශ්‍රේණියට උසස් කරන ලෙසට ද එමඟින් උපදෙස් දී ඇත.

පාසල් සිසුන්ට සුබ ආරංචියක් - පෙබරවාරියේ සිට සාමාන්‍ය පෙළ සිසුන්ටත්

පාසල් සිසුන්ට සුබ ආරංචියක් - පෙබරවාරියේ සිට සාමාන්‍ය පෙළ සිසුන්ටත්

එමෙන්ම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ජනවාරි මාසයේදී විභාග පෙරහුරුවක් පැවැත්වීම සුදුසු යැයිද එහි සඳහන්.

මේ අතර හය ශ්‍රේණියේ සිට නවය ශ්‍රේණිය දක්වා සිසුන්ට සාධන මට්ටම ඇගයීම සඳහා පන්ති මට්ටමින් ඇගැයීම් වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි බවත් එම චක්‍රලේඛයේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ආපදාවට ලක්ව ඇති පාසල් ආරම්භ කිරීමේ සම්පූර්ණ බලය පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන්ට පවරා ඇත. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් දරුවන්ගේ මානසික තත්ත්වයන් කෙරෙහි දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින අතර ඔවුන්ගේ පෝෂණ වැඩසටහන සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියි.

හෙට පාසල් පැමිණෙන දරුවන්ට විශේෂ දැනුම්දීමක්

හෙට පාසල් පැමිණෙන දරුවන්ට විශේෂ දැනුම්දීමක්

පාසල් සිසුන්ට තවත් සහනයක්

පාසල් සිසුන්ට තවත් සහනයක්