ජාතික පොසොන් උත්සවය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
අනුරාධපුර අටමස්ථානය, තන්තිරිමලය හා මිහින්තලය පුදබිම මූලික කරගෙන පැවැත්වෙන පොසොන් උත්සවය සාර්ථකව සංවිධානය කිරීම පිණිස සියලු පාර්ශවයන්ගේ සහයෝගය අනිවාර්‍යෙන් අවශ්‍ය වන බව උතුරු උතුරු මැද දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, තන්තිරිමලේ රජ මහා විහාරාධිපති අතිපූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමියන් ප්‍රකාශ කරයි.
උන්වහන්සේ මේ බව සදහන් කළේ මෙවර පොසොන් උත්සවය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණු අතර එම සාකච්ඡාවට එක්වෙමිනි.
මහා සංඝරත්නය අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර මහත්මිය, ප්‍රාදේශීය ලේකම් සුරීතා පෙරේරා මහත්මිය, ප්‍රදේශීය සභාවේ සභාපති තුමන්, ඇතුළු සියළුම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් මේ සුවිශේෂී අවස්ථාවට සම්බන්ධ විය
මේ වන විට රටේ පවතින තත්ත්වය හමුවේ මොනයම් බාධකයක් පැවිදියද සෑම නිලධාරියෙකුම රාජකාරියට එහා ගිය වගකීමක් ලෙස සලකා මෙම අවස්ථාවට ඉතා කැමැත්තෙන්ම සම්බන්ධ වනු ඇති බව මෙහිදී අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කර තිබේ.
2026. 06.26 සිට 2026.07.02 දක්වා වූ පොසොන් සතියෙහි දානය කටයුතු, ආලෝක පූජාව, මාධ්‍ය ආවරණය, ජලය විදුලිය හා සනීපාරක්ෂාව, සෞඛ්‍ය සේවා, ප්‍රවේශ මාර්ග පහසුකම්, සැරසිලි කටයුතු, ප්‍රවාහන පහසුකම්, රථ ගාල්, දන්සල් පහසුකම්, ජීවිත ආරක්ෂක කටයුතු, මත් ද්‍රව්‍ය නිවාරණ හා මස් කඩ වැසීම, ආදි කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බදුන් කර ඇත.
තව ද වන අලි තර්ජනය අවම කිරීමට, පොකුණුවල කිඹුලුන් ඉවත් කිරීමට කටයුතු කිරීම සහ කැළි කසල භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණි.
සිල් සමාදන් වන පිරිසට දානය ලබා දීම වැනි කාරණා වල දී, පසුගිය වතාවේ නෙළුම් කොළ භාවිතා කළ අතර එය සාර්ථක ක්‍රමවේදයක් බැවින් දන්සල් සඳහා ද එවැනි ක්‍රමයකට යාම සුදුසු බවද දිසාපතිවරයා අවධාරණය කර තිබේ.